
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.
ආසාදිතයන් ලෙස හඳුනාගත් නිලධාරීන්ගේ ආශ්‍රිතයෙක් වූ බැවිනුත් සමාජ වගකීමක් ලෙසත් සලකා තමා අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
කර්මාන්ත අමාත්‍යංශයේ තම අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට ලක්කර එය ද දින 14ක් එම වසා ඇතැයි ඇමතිවරයා කීවේය.
අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉන් සේවා ලබාගන්නා අයගෙන් තමා ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඔහු පැමිණ ඇමතිවරයාගේ නිවසේ ගේට්ටුවේ නිරෝධායනයට ලක්වන නිවසක් බවට වන දැන්වීමක් ද අලවා ඇත.
තමන් නිරෝධායනයට ලක්වන බවට ඇමතිවරයා සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් යොදා ඇත.

COMMENTS
හැමදාම ගේ ඇතුලෙම හිටිය නම් රටට ලොකු සෙතක්
චුතවෙලා ගියානම් ලොකු දෙයක්
කොමියුනිකේෂන් එකක් දාගෙන හිටපු, පත්තරවලට හොරෙන් ලියපු, ජීවිතේට ඒ ඇරෙන්න වෙන ජොබ් එකක් නොකර සමාජ සාධාරණත්වය වෙනුවෙන්ම සටන් කරපු සමාජවාදී ජාතික නායකයෙක් නේද? වෙච්ච අකරතැබ්බයට අඬනවද , ගේ දැකලා අඬනවද කියල හිතාගන්න අමාරුයි මහත්තයෝ. කවුරු හරි මේක ඇමති නිල නිවාසය කියල හිත හදාගන්නව නම් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ගැනත් මතක් කර ගන්න. ඇමති කියන්නේ දෙවිවරු නෙමෙයි. එකම දේ පඩියයි දීමනායි පොඩ්ඩක් වෙනස්.
මේ අප්‍රභංශ රටේ ඇමතිලා සිය ගණනක් ඉන්නවා, උන්ගේ වටේ ආරක්ශකයෝ 20ක් 30ක් ඉන්නවා.මුන් ඔක්කොටම අපි පඩි ගෙවනවා විතරක් නෙමේ විශ්‍රාම වැටුපුත් ගෙවනවා. ඒ එකෙක් වත් රටට කිසිම වැඩක් නොකලාට මුලු ලෝකෙටම බදු ගෙවන අපිව සදාකාලික ණය කාරයෝ කරනවා දවසින් දවස. නිවට චන්ද දායකයො මේවගේ ගොන් ආතල් දැකලා මෝඩ චූන් එකට ඊලග පාරත් මුන්ටම චන්දේ දෙනව.. පස්සේ හූල්ලනව. සාමාන්‍ය පෙලවත් සමත් නැති මුන් ඉන්ජිනේරුවන්ව පාලනය කරනවා... එකනේ කියන්නේ අපි තමයි හොඳටම කලේ කියලා...
මෙයා ගෙදරට වෙලා ඉන්නකොට රජයට රට පාලනය කරන හැටි කියලා දෙන්නේ කවුද? ජනතාවටයි පාඩුව...!
පේනවා නේද මේ අයගේ සුඛෝපභෝගී ජීවිත? හැබැයි මේ අයට ඡන්දෙ දීපු අය අද තුන් වේල කන්නේ කොහොමද කියලා හිතනවා.
අපිට මේ පුද්ගලයාව ඊළඟ අවුරුදු කීපයටත් ස්වයං නිරෝධායනයේම තිබ්බා නම් රටට ඒක හොඳ ප්‍රතිලාභයක් වේවි...
මේ අයට ඕවායේ වෙනසක් නැහැ...
ඉරිසියා කරන්න එපා. ඕකට තමයි කියන්නේ, මතු රකිනා ශිල්පයමයි, උගතමනා කියලා.
අනිච්ඡාවත සංඛාරා...!!!
ගෙදර ඉන්න ගමන් නිකමටවත් මේ ප්‍රතිචාර කියෙව්වොත් ලොක්කා වහ බොයිනේ...
මාවරමන්ඩියෙ හිටපු හැටි මතක් වුණා.
විමල්ගේ කටේ ශබ්දෙට මිනිස්සු රැවටිලා ඡන්දෙ දීලා මන්ත්‍රී කෙනෙක් වෙලා ඇමැතිකමක් අරගෙන හොඳට ගාන කපාගෙන ඒ සල්ලිවලින් මේ වගේ සුඛෝපභෝගී නිවසක් තනාගන්නට උදව්කළ ඡන්ද දායකයින් සැමට ස්තුතියි. ජේවීපී එකේ හිටියා නම් ජීවිතේට මේ වගේ ගෙයක් හදාගන්න පුලුවන්ද? සති දෙකක් නෙවෙයි සදාකල් දුකක් කරදරයක් නැතිව නිරෝධායනය වෙන්න පුලුවන්...!!!
රටට වැඩක් ඇති මිනිහෙක් ගැන කතාකරමු.
නිවසට වෙලා නෙවෙයි, මාලිගාවට වෙලා නිරෝධායනය වෙන්න කිව්වා නම් හොඳයි.
අජිත් රෝහණ මහත්තය කිව්වා කූඨ ලේකන හදන අය අවුරුදු ගනණක් හිරේ දමනව කියල.
සතේ අතේ නැතුව හිටිය මේ තක්කඩිය ගන්න සැප දැක්කම කවුන්සිලේට පැනගත්ත නම් කියල හිතෙනව.
දැන් බැලුවහම චන්දෙ දීපු කෙනෙක් නැහැ .කමක් නැහැ ගිය වතාවේ වගේම ඊලග වතාවෙත් දීල බලන්න
කටේ සද්දේ වැඩි උනේ ගෙදර බෙරකාරයෝ හිටිය නිසා
හැමදාම පචෝරිස් වැඩ කරලා දැන් වැකේෂන් එකක් අරගෙන වගේ. මේ අයට ඡන්දෙ දෙන අපි තමයි මෝඩ...
නොමළත් මැරුණු කෙනෙක් වගේ කෙනෙක්. කිසිම ප්‍රතිපත්තියක් නැහැ.
කොමියුනිකේෂන් එකේ වැඩ කළා නම් නිරෝධායන කාලේ පඩි කීයක් විතර ලැබෙන්න තිබුණාද?
අවීචි මහා නරකාදියේ ඉපදේවා..!
මෙයා ගෙදරට වෙලා නිකන් හිටියා කියලයි තිබුණේ...
මේකෙ අදහස් ප්‍රකාශ කරලා තියෙන අය සජී පුතාණෝ නිරෝධායනය වෙනකොට පරීක්ෂා කරපු අදහස් මොනවද කියලා හොයලා බලන්න ඕනේ...