IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රොනි ලීච්ගේ දේහය හෙට ලංකාවට

(නිමල කොඩිතුවක්කු)

ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ රොනි ලීච් මහතාගේ දේහය  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සිට හෙට (10) මෙරටට රැගෙන ඒමට නියමිතය.

දේහය මහජන ගෞරව සඳහා  හෙට පස්වරු 6.00 සිට  අනිද්දා පස්වරු 2.00 දක්වා බොරැල්ල ජයරත්ත මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදි අනිද්දා (11) පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතය.

මිය යන විට 65 වන වියේ පසු වූ රොනි ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

සංගිත ප‍්‍රසංගයකට සහභාගී වීමට  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නගරයට ගිය රොනී ලීච් මහතා ප‍්‍රසංගය සාර්ථකව නිමකර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේය.

1973 වසරේදි ගායන ක්ෂේත‍්‍රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගිත කණ්ඩායමට ගායකයකු ලෙස එක්විය.

ඔහු ගායනා කළ ජනප‍්‍රිය ගිත අතර තට්ටයා, කවුද බොලේ ඇලිස්, කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ යන ගීත ද ඔහු රගපෑ චිත‍්‍රපට අතර  ඇතින් ඈතට යලි හමුවෙන්නයි , චෙරියෝ ඩාලිං, ,ජොලි බොයිස්, මගෝ ඩිගෝ ඩයි යන චිත‍්‍රපට වේ.

 



අදහස් (0)

රොනි ලීච්ගේ දේහය හෙට ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site