IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කුඩා දරුවකු අපයෝජනය කළ නරුමයකු අල්ලයි

(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)

වයස අවුරුදු 5යි මාස 8 ක බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කර සමාජ මාධ්‍ය ඔස්සේ එය ප්‍රචාරය කළැයි කියන විසි හැවිරිදි විවාහකයකු නුගේගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනය කළ සැකකරු එම අපරාදය වීඩියෝ ගතකර එම දර්ශන සිය මිතුරු මිතුරියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ යටතේ ද සිදු කළ වරදක් බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ළමා හා කාන්තා කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද සඳහන් කළේය.

තම දරුවන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මව්පියන් මෙන්ම වැඩිහිටියන් දැඩි අවධානයක් යොමුකළ යුතු බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සමස්ත සමාජයේම වගකීම මෙන්ම එය නෛතික බැඳීමක් බව තරයේ සිහි තබා ගත යුතුව ඇතැයිද කීය.

 



අදහස් (12)

කුඩා දරුවකු අපයෝජනය කළ නරුමයකු අල්ලයි

ගමේ එකාලා Tuesday, 21 September 2021 08:53 PM

හොඳම දඩුවමක් දෙන්න

:       1       91

කළු කෝට් සහ දියවන්නා නීතිය Tuesday, 21 September 2021 09:37 PM

මේ මිනිස්සු ටැග් කරන්න ඕනේ.නළලේ හරි ටැටූ එකක් ගහන්න ඕනේ පාරේ යනකොට. මොකද කළු කෝට් කාරයෝ කොහොමත් මුන්ට දවසෙන් ඇප අරන් දෙනවා ,වීඩියෝව තිබ්බත්,කොච්චර නින්දිත වැඩක් උනත් පෙනී හිටින්න කළු කෝට් කාරයෝ ඉන්නවා.

:       1       27

RaveendraWednesday, 22 September 2021 05:46 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඒකනේ මිනිසුන් මේ කළු කබාකාරයන්ට ගම් කබරයෝ කියන්නේ. සල්ලි ලැබෙනවා නම් ඔන්නම දහජරාවක් ගිලින්නොය. අශුචි ගොඩේ තිබෙන ශත පහ දිවෙන් ගන්න ඇති දක්ෂ මේ ගම් කබරයන් නිසා සමාජය කොතරම් දුෂ්‍ය වී ඇද්ද...? එලෙසම අප සැමදාමත් සදහන් කරන පරිදි මෙවන් වනචරයන්ගේ වත ගොත ලිපිනයන්,චායරුප සමග මාද්‍යන්වල පල කරන්නේ නම් මෙවන් වැරදි යම්කිසි මට්ටමකට අඩුකරගත හැකි නොවේද ? අවාසනාවට මාද්‍ය සදාචාරය නමැති කිලුටු වූ රෙදි කඩමල්ලට මුවාවී මෙවන් තිරිසනුන් සමාජයේ යහතින් ගැවසීම කනගාටුවකි.

:       0       3

GEMUNUWednesday, 22 September 2021 09:40 AM

අපි බලමු කවුද මොහු වෙනුවෙන් පෙනී හිටින්නේ කියල. කවුරු වුනත් මේ අපරාධ වලට පක්ෂ කෙනෙක් විය යුතුයි

:       0       5

Warnakulasuriya shiron dammika Thamel Wednesday, 22 September 2021 04:45 AM

ඔය මහත්තයව එල්ලලා මරන්න

:       0       3

Virat Wednesday, 22 September 2021 09:29 AM

ශරියා නීතියේ දඩුවම් දෙන්න ඕනෑ.

:       0       5

NaushadWednesday, 22 September 2021 01:34 PM

උහුලන්න බැරි තරමේ වැරැද්දක් දුටු තැන හැමෝටම මතක් වෙන්නේ ශරියා නීතිය... ඇයි අපේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ..? රටක් දියුණුව කරා යාමට අනිවාර්යයෙන් ඉතා දැඩි නීති පැනවියයුතුයි.

:       0       2

ranjith Wednesday, 22 September 2021 11:05 AM

මේ වරද කාරයන් වෙනුවෙන් පෙනී සිට මේ දරුවට අසාදාරණයක් සිදුවීමට එදා සැලසුවොත් මොන තරම් පාපයක්ද ?

:       0       2

fairoos Wednesday, 22 September 2021 12:39 PM

අවුරුද්දක් නඩු කියයි... ඊට පස්සේ රුපියල් 50000ක වන්දියක් දීලා එළියට එයි..

:       0       0

ganegoda Wednesday, 22 September 2021 12:59 PM

මේ ප්‍රවෘත්තිය කියවන ඔබට ‘‘චීවරධාරියෝ‘‘ ගැන මොනවද හිතෙන්නේ..?

:       0       1

RaveendraWednesday, 22 September 2021 03:06 PM

ඔබ "චීවරධාරියෝ" ලෙස ලඝු කිරීමට උත්සහ කරන්නේ එක් ආගමකට පමණක් ද ? එසේ එක ආගමකට පමණක් ලඝු කලේ නම් ඔබ "100% වැරදිය". කාරුණිකව මධ්‍යස්තව සිතීමට පුරුදුවෙමු.

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 22 September 2021 02:15 PM

මේකාව හිරේට දාලා පනුවෝ ගහලා මැරෙන්න අරින්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site