IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කෝප් කමිටුව පාර්ලිමේන්තුවෙන් එළියට

බිඟුන් මේනක ගමගේ 
 
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පාර්ලිමේන්තුවට සීමා නොවී මහජනතාව අතරට ගොස් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ඉදිරියේදී දියත් කරන්නේ යැයි එහි සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

 
කාරක සභා රැස්වීම් දැනට පවත්වන්නේ පාර්ලිමේන්තුවේ කමිටු සභා කාමරයේ පමණකැයි කී හෙතෙම නව වැඩපිළිවෙල යටතේ කාරක සභාව මහජනතාව වෙතට ගොස් අදහස් හා යෝජනා ලබාගැනීමට කටයුතු කරන්නේ යැයි අවධාරණය කළේය. 
 
ඊට අදාළ ක්‍රමවේද සකස් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ යැයි ද එමගින් වඩාත් ගවේෂණශීලී ලෙස කටයුතු කිරීමට කෝප් කමිටුවට හැකි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය. 
 
එනිසා ඉදිරියේදී මහජනතාවට කෝප් කමිටුවට සෘජුවම සම්බන්ධවීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය.
 
අඩුපාඩුකම් සහිතව වුවත් ජාතික විගණන පනත ක්‍රියාත්මක වීම යහපත් යැයි ද එනිසා කෝප් කමිටුවට නව ජවයක් ලැබී ඇතැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (1)

කෝප් කමිටුව පාර්ලිමේන්තුවෙන් එළියට

සතයපාල Monday, 30 July 2018 12:45 PM

රටට ප්‍රයෝජනවත් යමක් සිතන්නට කරන්න වුවමනාව තියන මහජන නියෝජිතයින් කියන වචනවල ගෞරවය රැකෙන ලෙස තම වගකීම හා යුතුකම හඳුනාගෙන කටයුතු කරන ඔබ වැනි මිනිසුන් ජාතියට වාසනාවක්...

:       6       247

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site