(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති මැතිවරණයට අදාල සියලු ප්‍රචාරන කටයුතු අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස් වීඩියෝ කර ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ සඳහා ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් දැනුවන් කර ඇති බවත් එවැනි ක්‍රියා වීඩියෝ ගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරත පුද්ගලයන් එම වීඩියෝ දර්ශන මගින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
සමාජ මාධ්‍යය හරහා වන ප්‍රචාරනය හා SMS හරහා කරන ප්‍රචාරනය ගැන යමක් කළ නොහැකි නම් ඔය නීතියෙන් ප්‍රයෝජනයක් තියේද?
මේ ගොල්ලෝ කරන්න යන්නේ සුද්දගේ කාලේ කොටකලිසම් අන්දපු රාලහාමිලා යොදාගත්තු සූක්ෂම උපක්‍රමනේ? අද කාලේ කවුද පාරේ බැහැලා හතරපස් දෙනෙකුට පෙනෙන්න ප්‍රචාරණ කටයුතු කරන්නේ? එක්කෝ එස්.එම්.එස් යවයි. නැතිනම් ෆේස් බුක් හරි, මැසෙන්ජර් හරි, වට්ස් ඇප් හරි යොදා ගනියි. තව ඕනෑ නම් රූපවාහිනියේ අද එකක් මැදට පියවි ඇහැට නොපෙනෙන, එහෙත් මනසට වදින, නිමේෂයක ඇඩ් එකක් දමයි. ඕනෑම නම් ඉතින් වීඩියෝ පිචර් එකක් ගැහැව්වට වරදක් නැහැ.
නීති රීති කැඩීම සිරිතක් කරගෙන සිටින සිංහල මිනිස්සුන්ට මේක ලොකු කජ්ජක්ද?
අනේ අර ප්‍රවෘත්ති කියලා වැඩ සටහනක් තියෙනවා තනිකරම දේශපාලන පල්හෑලි විතරක් පෙන්වන. එකත් පොඩ්ඩක් වාරණය කරලා දෙන්නකෝ ඔය ගමන් ම... අපිට රටේ ලෝකේ වෙන වැදගත් යමක් කමක් බලාගන්න විදියක් ඇත්තෙම නැති වෙලා දැන්.