IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පොදු සමාකාලය දීර්ඝ කරන්නැයි විදෙස් සබඳතා ඇමති කුවේට් තානාපතිගෙන් ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

කුවේටයේ නීති විරෝධීව රැදී සිටින  ලාංකික ශ්‍රමිකයින්ට ලබාදී ඇති පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන ලෙසට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කුවේට් රජයෙන්  ඉල්ලීමක් කර ඇත. 

ඒ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතා හමු වී මෙම ඉල්ලීම කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කර සිටී.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කුවේට් තානාපතිවරයා සමඟ සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදීය. 

නිතීවිරෝධී ලෙස කුවේටයේ රැදී සිටින විදේශිකයින් සදහා ලබා දී තිබූ  සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය අද (25) අවසන් විය. 

මෙම ඉල්ලීම සම්බන්ධයෙන්  ඉතාම ඉක්මණින් සාධනීය පිළිතුරක් ලබා දෙන බව ද මෙරට කුවේට්  තානාපතිවරයා  එහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පවසා ඇත 

මේ අතර කුවේටයේ නීති විරෝධීව රැදී සිටින  ලාංකික ශ්‍රමිකයින්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබේ. 

කුවේට් රජයේ උපදෙස් පරිදි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නීතිවිරෝධීව රැදි සිටින ශ‍්‍රමිකයන් ලියාපදිංචි කිරිම ආරම්භකර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ‍්‍රමිකයන් සම්බන්ධව තොරතුරු සම්බන්ධිකරණය කුවේටයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ  කම්කරු සුබසාධන අංශය හරහා සිදුකරමින් සිටින බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 

මෙම සාකච්ඡාව සඳහා විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් එක්වී සිටියහ.



අදහස් (2)

පොදු සමාකාලය දීර්ඝ කරන්නැයි විදෙස් සබඳතා ඇමති කුවේට් තානාපතිගෙන් ඉල්ලයි

කුවේට් ශ්‍රමිකයෝ Saturday, 25 April 2020 09:22 AM

මෙයාව ගණන් ගන්නේ නැහැ. මේ කුවෙට්වල විදේශ අමාත්‍යංශයේ ඉන්න කුවේටියෝ. ඒ අය හරි වසයි. සමහර වෙලාවට ඔලුවේ තියෙන ඇන්ටෙනාවෙන් ගහනවා.

:       0       22

karunarathnaSunday, 26 April 2020 08:32 AM

ඇන්ටෙනා? ඔබ මේ කතා කරන්නේ රොබෝ ගැනද...නැතිනම් මිනිස්සු ගැනද...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 213 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 715 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site