
(විමුක්ති එස් රුද්‍රිගු)
ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6ක විශ්වාසයක් හිමිව ඇති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි.
එසේම අවස්ථාවක් ලැබුනහොත් සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 56.8 ක් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමති බවත් ඉන් බහුතරය වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් බවත් එම වාර්තාවේ දැක්වේ.
වයස් කාණ්ඩ ලෙස ගත් විට වයස අවුරුදු 18-29 ත් අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 77.2 අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර වයස අවුරුදු 30 ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45.4 ක් අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.
එසේම මෙම වාර්තාවට අනුව රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සියයට 60.5 අනුමත කර ඇති අතර ඉන් බහුතරයද වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් වේ.
තවද මෙම වාර්තාවට අනුව මීට වසරකට පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා දැන් තිබෙන ආර්ථික තත්ත්වය නරක බව ශ්‍රී ලාංකිකයන් සියයට 79.1 ක් පිළිගෙන ඇත.
මෙම සමීක්ෂණය සඳහා නියැඳි 1000 ක් ගෙන ඇති අතර ඔක්තෝබර් 21 සිට 31 දක්වා මෙම සමීක්ෂණය සිදු කර ඇත.


COMMENTS
ඕකට මහින්ද රාජපක්ෂ අනුර කුමාර සජිත් ඇතුළත් නොකලේ ඇයි?
සැබෑ වැරදිකරුවන් හෙළිදරව් නොවේ. තවමත් සමහරු විශ්වාස කරනවා පැරණි රෙජිමේන්තුව රට ගොඩගන්න ඉදිරිපත් වෙයි කියලා?
අපිටනම් ඒහෙම මතක නෑ ඉතින්
දේශපාලුවන් ගොඩට ඒ මනුස්සයා ඇදලා දාලා ඒ සසඳන්න යන්න එපා. කරුණාකරලා ඒ මනුස්සයාට තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න.
කෝටි දෙක හමාරක ජනගහනයෙන් 1000 එක්ක කතා කරලා මොන සමිකෂනයක්ද. නියැදි සීමාවල් හදන්නෙත් ඒ ගොල්ලොමයි ලේසියට. අන්තිමේ අපිට කියන්නේ % ගැන ලොකුවට. ලඟදි මූන 10 - 15 පාරක් පෙන්නුවොත් TV එකේ නිව්ස් වලට, එයා තමයි සමික්ශනේ උඩටම එන්නේ. ටෙලි නිලියෝ උඩටම එන්නෙත් ඒ විදියටමයි.
ඔය කියන ආර්ථික ඔස්තර්ලා ඔක්කෝම අය්. එම්. එෆ්. ණය පහසුකම් ලැබෙන තුරු මහජනතාවට ජීවන බර වැඩි කරන අයයි. ඔවුන් ආර්ථිකය ගොඩ දාන එක මහ බොරුවක්.
නන්දලාල් ඇතුළු මේ අය අද මේ තරම් ජනප්‍රිය වී ඇත්තේ අද ඉන්ධන, ගෑස් හිඟයක් නොමැති බව මතුපිටින් පෙනෙන නිසයි. ඊට සැබෑ හේතුව වර්තමානයේ විදේශ ණය හිමියන්ට හිමි විය යුතු ගෙවීම් පැහැර හැරීමයි. එබැවින් සැබවින්ම අද ජනප්‍රිය විය යුත්තේ ඉන්දියාව, චීනය, බංග්ලාදේශය වැනි අපට ණය දුන් රටවලුයි.
දැන් අනිත් නන්දේ ජනාධිපති කරමු
අපිට නම් ඔය නන්දෙලා ගැන කිසිම විස්වාසයක් නැහැ .
මටනම් ඕකුන් එකේවත් නෙවෙයි අනුර කුමාර පමණයි
රාජ්‍ය නිලධාරියකු වන මහබැංකු අධිපති නොමැතිව දේශපාලකයන් පිලිබදව පමණක් කලයුතු සමීක්ෂණයක්
මහ බැංකු අධිපති තුමාටත් ඡන්දෙ ඉල්ලන ලෙඩේ හැදෙයිද ? ඒනම් එයත් ඉවරයි !
අපි හැමෝම මෙහෙමහරි ජිවත් වෙන්නේ ඔහු නිසා.
දැන්නම් ටික ටික අපේ කට්ටියගේ මොලේ පැදීගෙන එනවා වගේ. අපි තමයි වැඩ්ඩෝ, මහා මොලකාරයෝ රට ගොඩගන්න පුළුවන් අපිට විතරයි කියලා හිතාගෙන ඉන්න පිරිසට මෙන්න පිළිතුරු. කෝ මේ අනුර අය්යා, සජිත් නැහැනේ. ඒගොල්ලෝ කරන්නේ "කොහේද යන්නේ මල්ලේ පොල් "
ඒ කොහොමද රනිල් 2 ට ආවෙ. රනිල් හිටියෙ අන්තිමයටත් පහළින් නේද? මහජන මතය 69 ලක්ෂයක් අරගෙන මේ ඊයෙ පෙරේදා උඩින්ම හිටයෙ රජ පවුලනෙ. බලාගෙන ගියහම රට කන්නෙ මේ මහජන මතයද?
2019 දි ගේටා ගැනත් ජනතාව පැහැදිලා හිටියෙ ඔයිට වඩා. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා සුභාෂිතයේ තියෙනවනේ.
2019 ට පෙර සිටම සමහර හාමුදුරුවෝ ගෝඨාභය ගේන්න උනන්දුවක් ගත්තා එහි ප්‍රතිඵලයක් ලෙසට 2019 දී ජනතාව ලක්ෂ හැටනවයක් ඉක්මවා මනාප දීලා ගෝඨාභය ජනාධිපති කලා එතැනදී ජනතා මතය නිවැරදියි කියන්න පුළුවන් නම් 2022 අරගලය අවස්ථාවේ මොකද වුනේ තේරුම් ගන්න බැහැ ඒ වගේ නන්දලාල් මහත්මයා ගැන විමසීම නිවැරදියිද කියලා සිතන්න වෙනවා මොකද ලක්ෂ හැටනවයක් ගත්ත කෙනාට වඩා එකම මංත්‍රී ආසනයක් වත් නොමැති කෙනෙකුගේ හැකියාව සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා ජනතාවට සුලුවෙන් හෝ සහනයක් ලැබුනෙ ජනතා මතයක් නැතුව නිසා .තම තමා එල්බගත් අදහසේම සිටින ජනතා මතය පිළිගන්න අමාරුයි
ඡන්දයක් තිබ්බනම් ජනතා විශ්වාසය බලාගන්න තිබුණා. පාර්ලිමේන්තුවම අද විකෘත්යකට පත්වෙලා.
දැන් ඉතින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මාගේ නම විනාස කරලා දානවා දේසපාලු හොර රැළ එකතුවෙලා.
දැන් කට්ටිය නන්දලාල් මහත්තයට වටකරලා පහරදෙයි.
ඔය මොන මුසාවක්ද, පොළවේ පවතින යථාර්තය ඔයිට වඩා හුඟක් වෙනස් මහත්තයෝ...!
මොල හතානෝගෙ පය ලෙවකන තමන්ගෙම උගත් කමටත් අපහාස කරන බංඩාර ලොක්කටත් චන්දෙ දීල. ලංකාවේ බයියන්ගෙ තරම හිතා ගත්තැහැකි.
දේශපාලකයන් කිහිප දෙනෙක් පමණක් තෝරාගෙන සහ එයට රාජ්‍ය නිලධාරියෙකුද ඇතුළත් කරලා මේ කරන සෙල්ලම/ ගැලපීම මොකක්ද? මට නම් හිතෙන්නේ ප්‍රතිරූප පුම්බන වැඩක් අරඹලා තියෙනවා. පොදු අපේක්ෂක ටාර්ගට් කිරීමක්ද?
ඔය සමීක්ෂණය කරන්ඩත් අනිවා මිලියන් වලින් ජනතා මුදල් ගිලලා ඇති... නැත්නම් තමයි පුදුමේ...
මෙි වාර්තාව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ( NGO) විසින් නිකුත් කරන ලද්දක්. මෙි වාර්තාවට ඇතුලත් තොරතුරු පුද්ගල 1000 කින්, වයස් කාණ්ඩ කීපයකින් ලබා ගත් තොරතුරැ පමණයි. පාක්‍යසෝති සරවනමුත්තු විධායක අධ්‍යක්ෂක. සභාපති මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර. සැබවින්ම සමස්තම රටෙි පොදු මතය මෙහි ඇතුලත් නොවීම විශේෂයකි. හුදෙක් මත විමසුමක්ම පමණි.
ඊළඟ ඡන්දය දිනන්නට යන රනිල්ගේ තරගයක්...