IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සමගි ජනබලවේගයේ රැස්වීමට බාධා කළ අයෙක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්‍ෂයන්ගේ සහභාගිත්වයෙන් කලවානේ පැවති රැස්වීමකට හූ කියා බාධා කළ බව කියන පුද්ගලයෙක් අද (26) අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කලවාන ලෑලිකුඹුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන සංවිධායක සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්‍ෂක සරත්චන්‍ද්‍ර රාමනායක මහතාගේ නිවසේ පැවති රැස්වීමකට මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් බාධා එල්ල කර ඇති බව පොලිසිය පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමතිනී තලතා අතුකෝරළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ.විජේතුංග, හේෂා විතාන ඇතුලු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකයින් අතුලු 200 ක පමණ පිරිසක් මෙම රැස්වීමට සහභාගිවී සිටි බව පොලිසිය සඳහන් කළේය.

පෙරවරු 10.15 ට පමණ රැස්වීම ආරම්භ කර තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාද රැස්වීමට පැමිණ සිටි අතර තලතා අතකෝරළ මහත්මිය සිය කතාව  පවත්වාගෙන යද්දී පෙරවරු 11.20 ට පමණ පිටස්තරින් පැමිණි පිරිසක් හූ කියමින් කෑකෝ ගසමින් රැස්වීමට බාධා කර තිබේ.

රැස්වීමට බාධා කළ පිරිස පොලිසිය මැදිහත්ව පලවා හැර තිබේ.

එහෙත් රැස්වීම අවසන් වූ පසු දහවල් 12.15 ට පමණ ත්‍රීරෝද රථයකින් පිරිසක් නැවත පැමිණ හූ කියු බවත් පසුව පොලිසිය මැදිහත් වී දෙපිරිස අතර ඇතිවීමට ගිය ගැටුම වළක්වා හූ කියූ බව කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. ඒ අවස්ථාව වනවිට සජිත් ප්‍රේමදාස මහතා රැස්වීමෙන් පිටව ගොස් තිබුණි.

අත්අඩංගුවට පත් පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකයෙකුට සහයෝගය දක්වන පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළේය.



අදහස් (6)

සමගි ජනබලවේගයේ රැස්වීමට බාධා කළ අයෙක් අත්අඩංගුවට

de silva Friday, 26 June 2020 02:11 PM

එජාපය මෙදා සැරේ 5%ටත් පහළට වැටෙනවා. අපේ ගම් පළාත්වල නම් රනිල්ට ඡන්දෙ දෙන මිනිහෙක් හොයාගන්නවත් නැහැ. හැමදාම ලැබෙන විපක්ෂ නායකකමත් රනිල්ට මෙවර නැතිවෙනවා. ඒක මෙවර සජිත්ට හෝ මහින්ද මහත්තයාට හෝ ලැබෙනවා.

:       629       406

චන්දදාසSaturday, 27 June 2020 01:05 AM

සිල්වා මහතාගේ අදහස සියයට දහසකින් නිවැරදි වුවත් එයට අකමැත්ත පලකිරීමට වැස්සකටවත් පාසැලකට නොගිය පිරිසක් සිටීම ගැන හරිම කණගාටුයි. රනිල් මහත්මයා පාර්ලිමේන්තුවට පත්වී දැනට අවුරුදු 43 ක් ගතවී ඇතත් එතුමාට සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම තේරුම් ගැනීමට හැකියාවක් තවමත් ලැබී නැත.

:       40       29

MD Friday, 26 June 2020 05:59 PM

හූ කියලා කෑගහන අය අත්අඩංගුවට ගන්න බලය තියෙන්නේ පොලිස් නිලධාරීන්ට නොව වනජීවි නිලධාරීන්ට නොවැ.. ..අනේ මන්දා කට්ටිය පටලවා ගත්තද? මට පැටලුණාද?

:       0       23

විපරමා Friday, 26 June 2020 09:37 PM

පොහොට්ටු කාරයින්ගේ මැරයින් කරන වැඩත් තව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි...

:       132       47

Lanka Saturday, 27 June 2020 03:59 PM

ඇයි අනේ පොහොට්ටුවට බනින්නේ...?

:       0       0

Perera Sunday, 28 June 2020 03:57 AM

ඒ අය සේරම එකයි. බලය අල්ලගෙන ඇවිල්ලා බලය ලබාගත්තාට පස්සේ අපිටම ගහනවා. කාටවත්ම ඡන්දෙ දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site