
(අංජුල මහික වීරරත්න)
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායී ලෙස විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
COMMENTS
ඔහොම ආපු කට්ටිය ඉන්නවා..., හැබැයි කී දෙනෙක් ආපහු ගියාද කියලා දන්නෝ දනිති.
රට පටලවා හරි රාජ්‍ය ආයතන ටික පුද්ගලීකරණය කරන්න ... ආණ්ඩුවට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!
ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට හා උසස් පෙළ අසමත් දරුවන්ට රැකියා නැතුව ත්‍ර්‍රීවීලර් පැදවීම කරන්න යොමුවෙනවා... තවත් පිරිසක් ඉක්මණින් ධනවතුන් වෙන්න කුඩු ජාවාරම කරන්නේ.. තවත් පිරිසක් පාසල් කාලයේම ඒවාට හුරුකරලා. එහෙම පාසල් හැරගිය පිරිස් වෙනුවෙන් (සෑම වසරකම විභාග ප්‍රතිඵලය අනුව දරුවන් පරීක්ෂණයකට යොමුකර) විධිමත් රැකියා පුහුණුවක් දී විදේශ රැකියාවක් සඳහා යොමුකළොත් රටේ ප්‍රශ්න ගොඩක් විසඳේවි කියලා හිතෙනවා..
මේ නිකමුන්ව රට යැව්වාම ඒ රටවලුත්ඉවර වෙයි. එක්කෝ මොවුන් හැදේවි.
රට රැකියා වලට ගිය සහ නැවත සේවයට වාර්තා කළ පිරිසට ද, අදාල කාල පරිච්ඡේදය නොසලකා නැවතත් විදේශ රැකියාවකට යාමට අවසර දෙන්න. ඔවුන් ප්‍රේෂණය කලයූතු ඩොලර් ප්‍රමාණය සමාන්‍ය ප්‍රමාණය වගේ 1.5 ක් කරන්න.
ප්‍රකෝටි ගනන වියදම් කර රජයෙන් හදපු රැකියා පුහුනු මද්‍යස්ථාන තිබුනට , එවගෙ පිටවන සිසුන්ගෙ ප්‍රමිතිය ඉතා දුර්වලය , උදාහරන වශයෙන් ගත්තොත් නයිට එකෙන් පිටවන කෝකි පටමාලව හදාරපු සිසුන්ගෙන් 50% එලවලු සමග බත් වෙලක් උයගන්න බැහැ , මෙසන් බාස් කෙනෙකුට ගඩොල් පේලි කිහිපයක් නිසි ලෙස බදින්න බැහැ , සහතික ඇත වැඩ නම් නැත.
මමත් රාජ්‍ය සේවයේ සිට විදේශ රැකියාවලට ගිය අයෙක්. කිසිම ප්‍රශ්නයක් නැතිව කාර්මික, ක්‍රියාකාරී ඉන්ජිනේරු, පරිගණක සේවාවල අයට ඕනෑතරම් රැකියාවලට යන්න පුළුවන්... ඒත් රාජ්‍ය සේවයේ බහුතරය කලා, වාණිජ අධ්‍යාපන පසුබිම් සහිත පුටුවට බරවුණු අයවලුන්... වැඩිපුරම කාන්තාවන්. මේක අනාගතයේ ව්‍යසනයකට හේතුවක් විය හැකියි. තරුණ පිරිමි විදෙස්ගත වී ආපසු එන සහතිකය කුමක්ද..?
අතිකාල කරන්නයි, වැඩ වෙලාවේ නිදියන්නයි බලාගෙන එන්න නම් එපා..
විදෙස් ගත වීමට බලාපොරොත්තු වන රජයේ සේවකයින් ලබාගත් දේපළ ණය සම්පූර්ණයෙන් ගෙවා විදෙස් ගත වීම, මේ අවස්ථාවේ විදෙස් ගත වීමට සිටින අයට කරන බාධාවකි. ඔවුන් විදෙස් ගතව උපයන මුදලින් එය ගෙවා දැමීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට කරන දිරිමත් කිරීමකි.