(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය හංදියේදී අද (31) බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් 12දෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි.
අනතුරට ලක්වී ඇත්තේ වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් සහ මන්නාරමේ සිට කොඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
වවුනියාවේ සිට පැමිනි බස් රථය බංගදෙනිය හංදියේදී නතර කළ අවස්ථාවේ දි පිටුපසින් අධික වේගයෙන් පැමිණි මන්නාරම පෞද්ගලික බස් රථය ලංගම බසයේ පසු පස ගැටී අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි. බස් රථ දෙකෙහි රියදුරන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බස් රථ දෙකම පිටත් වෙලා තියෙන්නේ කොළඹින්... ලංගම බස් රථය කොළඹ සිට වව්නියාම බලාද, පුද්ගලික බස් රථය කොළඹ සිට මන්නාරම දක්වද ගමන් කරමින් තිබී ඇත. ලංගම බස් රථය බංගදෙණිය මංසන්ධියේ නවත්වා තිබෙන විට එහි පිටුපස පුද්ගලික බස් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
එක බස් එකක් රිවර්ස් එකට යන්න ඇති...
ඇත්ත නිවුස් එක මොකද්ද?
කවදා අපට සංවර මෙන්ම විනීත රියදුරන් දැකීමට හැකිවේවිද අපගේ මව්බිමේ...? සමහරවිට අපගේ ජීවිත කාලයටම බැරිවෙයි. එ්ත් නීතිය නිසිලෙස ක්‍රියා කරන්නේ නම් මෙවන් නිවට "රියදුරන් යයි කියන මගමරුවන් " මාර්ගයෙන් ඉවත් කිරීමට අපහසු නොවෙනු ඇත. මෙවන්" අනියම් මිනීමරුවන්ට " සදාකල් රියදුරු අසුනේ නිකමටවත් වාඩිවීමට නොදෙන ලෙස නීති ක්‍රියාත්මක යුතුය.
දැන් පිටුපසින් පැමිණි ඉදිරිපස බස් රථය අනතුරකට පත්කළ බස් රථයේ රියදුරු ගේ රියදුරු භාවය අහෝසි කරන ක්‍රමයක් එන්නේ කවදද ? තව කීයක් අනතුරු වෙන්න ඕනෙද, කීයක් පාරේ මැරෙන්න ඕනෙද මේවගේ නීති ගෙන්න.