(යොහාන් භාසුර)
කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබේ.
අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර තිබේ.
ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව ද මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන පිරවුම්හල්වලට දිනපතා ඉන්ධන ලැබෙන්නේ නැතිනම් මොකද කරන්නේ...? තමන්ට අදාල දිනට ඉන්ධන නොලැබේ නම්, දවස් කීපයක් පෝලිමේ ඉන්න වෙනවා නම් මොකද කරන්නේ...? ගමේ පෝළිම, චන්ඩින්ගේ පෝලිම වගේ පෝලිම් නවත්වන්න මොකද කරන්නේ....?
මේවත් ඉතින් ඇමැතිලාට අදාළ නැහැ. අපිට තණකොළ කපන්න සහ වත්තේ මැෂින්වලට පෙට්‍රල් ගන්න විදිහක් නැහැ. වවන්න කිව්වට වගාකරන මනුස්සයාට අවශ්‍ය කිසිම දෙයක් දෙන්නේ නැහැ.
මොන බෙදන සූත්‍ර දැම්මත් වැඩක් නැහැ ඊළඟ තෙල් නැව ආවහම ගෙවන්න ඩොලර් එකතුවෙලා නැත්නම්...! මෙයට ප්‍රධාන හේතුව ණයට තෙල් අරගෙන ලංකාවේ ඉතා අඩු මුදලකටනේ විකුණන්නේ..? පොළවෙන් තෙල් උණන රටවල් වෙලත් මෙන්න ඇමරිකාවේ තෙල් ලීටරයක මුදල $ 2.28 [රු. 812 ].. එංගලන්තයේ ලීටරයක මුදල £1.87 [ රු. 840 ] යුරෝපයේ ලීටරයක මුදල යුරෝ € 2.18 [ රු. 813 ] ලංකාවේ ලීටරයක මුදල රු 450 කි..! ඒ කියන්නේ තෙල් නැව ගන්නට ගෙවන මුදලින් බාගයක මුදලට තමයි.. ඒ මුලු තෙල් නැවේම තෙල් රටතුළ විකුණන්නේ..!
ඉන්ධන පිරවුම්හල්වලට දිනපතා ඉන්ධන ලැබෙන්නේ නැතිනම් මොකද කරන්නේ...? තමන්ට අදාල දිනට ඉන්ධන නොලැබේ නම්, දවස් කීපයක් පෝළිමේ ඉන්න වෙනවා නම් මොකද කරන්නේ? ගමේ පෝළිම, චණ්ඩින්ගේ පෝළිම වගේ පෝළිම් නවත්වන්න මොකද කරන්නේ...?
ඉන්ධනහල්වල දිනපතා දෙන්න තෙල් තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අදාළ දිනේ පිරවුම්හලේ තෙල් නොමැති නම් කුමක්ද කරන්නේ...? සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මයේ හෝ වෙනත් ව්‍යාපාරවල යෙදෙන මිනිස්සු තෙල් ගන්නේ කොහොමද?
ගම් ප්‍රදේශයෙන් පිට රැකියා කරන මිනිස්සු තමන්ගේ වාහනයට ඉන්ධන ලබා ගන්නේ කොහොමද? ඔවුන් වෙනුවෙන් කවුරුත් පෝලිම්වල ඉන්න කැමති වෙන්නේ නෑ. විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන අය අති අන්තයේ පමණක් නිවෙස්වල රැඳී සිටින්නේ.. වාහන අංකය අනුව ඔවුන් සතියේ දිනවල ඉන්ධන ලබාගන්නේ කොහොමද?
අදාල දිනට, එම ස්ථාන වලට පෙට්‍රල්, තොග ඇවිත් නොතිබුණොත්, මොකද වෙන්නේ...?
ඒ ක්‍රමයට ගහද්දී සමහරු දවස් 7 ම ගහන්න ඉඩ තියෙනවා. මොකද අංක තහඩුව මාරු කරගෙන එන්න පුළුවන් නේද යාළුවන්ගෙන් ඉල්ලලා... ඒ ගැන සැලකිලිමත් වුණොත් හොඳයි.
මෙම ක්‍රම හරියන්නේ කාර් සහ බයික්වලට පමණක් බවයි. ත්‍රි රෝද රථ හිමියන් ජීවනෝපාය කරගන්නේ එම රථයෙන්... එම නිසා මෙම ක්‍රමය නොගැලපෙන බවයි මගේ අදහස..!
ඔව්, ඒක හොඳයි, 3 වීල් සහ බයික් නිසා අපිට එකම දවසකවත් තෙල් ගන්න ලැබුණේ නෑ. මේ ක්‍රමය හොඳයි..
අදාල දිනට ඉන්දන තොග අදාල ප්‍රදේශයේ ඉන්දන හල වෙත නොලැබුනොත් මොකද කරන්නෙ. ප්‍රායොගික නැහැ එම වැඩපිලිවෙල.
පෝලිම 1/3 කට බසසනවා ඒ ඇතිද?
මේක හොඳ විසඳුමක් දිගු පෝළිම් වලට. මෙය හැකිතරම් ඉක්මණින් ක්‍රියාත්මක කරන්න.
මෙම ක්‍රමය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ...
මෙම ක්‍රම එකක්වත් හරියන්නේ නැහැ... ඉල්ලුමට සැපයුම දීම වැදගත්...
අංක තහඩු ක්‍රමය හොඳයි... නමුත් ක්‍රියාත්මක කරන කොට මතුවෙන ගැටළු වැඩියි. එමනිසා සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන ස්ථානයෙන්ම කාඩ්පතක් නිකුත් කරන ලෙස යෝජනා කරමි...