
(කාංචන කුමාර ආරියදාස)
නිධානයකින් ගත් බුදුපිළිම බව පවසමින් රුපියල් කෝටි එකහමාරකට උණු කිරීම සඳහා රනින් නිමවූ පිළිම තුනක් අලෙවි කිරීම්ට ගිය පියකු සහ පුතකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල දී සැකපිට අත්අඩංගුවට ගත් දබව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල බුදුගේහින්නේ පදිංචි පියකු සහ පුතකු බවද ඔවුන් බුදු පිළිම රැගෙන ආ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
මීට දින තුනකට පමණ ඉහත දී දඹුල්ල පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත ඉතා සූක්ෂම ලෙස ගැනුම්කරුවන් ලෙස දඹුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් වෙස් වලාගෙන ගොස් මෙම බුදු පිළිම අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා බව කිවූ මෙම බුදු පිළිම 3 පොලිස් නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස දින තුනක් තිස්සේ කේවල් කරමින් මිල අඩුකර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව පසුව සැකදුරු කරගෙන මෙම බුදුපිළිම රුපියල් කෝටි එක හමාරකට මිලදී ගැනීම සඳහා තීන්දු කොට තිබේ.
ඒ අනුව බුදුපිළිම රැගෙන දඹුල්ලට ආ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පොලිස් වැඩ. ජයවේවා. මිනිස්සුනට වතුර විදින්නයි ගෑස් ගහන්නයි මටත් පුළුවන්.