IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අසැබි දර්ශන අලෙවි කළැයි අයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක් පවත්වාගෙන යමින් මුලතිව් ප‍්‍රදේශයේ පාසල් සිසුන් වෙත අසභ්‍ය වීඩියෝ දර්ශන අලෙවි කළ බව කියන පුද්ගලයකු අද (23) ඔඞ්ඩුසුඩාන් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.

පාසල් සිසුන් ඉලක්ක කරමින් සිදුකෙරෙන අසභ්‍ය වීඩියෝ බෙදාහැරීමේ ජාවාරමක් පිළිබඳ මුලතිව් කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරු සතුව තිබී මෙරටදී රහසිගතව වීඩියෝ ගතකර ඇති බවට සැකකෙරන සිංහල හා ද්‍රවිඩ ජාතිකයින්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළු වීඩියෝ පට 2000කට ආසන්න සංඛ්‍යාවක් හා එම වීඩියෝ දර්ශන ගබඩාකර තිබූ ලැප්ටොප් පරිඝණකයක් හා ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

පොලිසිය පැවසූයේ සැකකරු පාසල් සිසුන්ගේ ජංගම දුරකථනයට එක් වීඩියෝවක් ලබාදීම සඳහා රුපියල් 100ක මුදලක් අයකරන අතර තරුණයින් වෙත ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් සඳහා වීඩියෝ ලබා දෙන බවත්ය.

ජංගම දුරකථන අලෙවිකරණ ස්ථානය පොලිසිය වැටලුවහොත් එහි තිබෙන ප‍්‍රධාන පරිඝණක ක‍්‍රියාවිරහිතව පවතින බවට හැගවීම සඳහා සැකකරු භාවිතයට ගැනීමට නොහැකි පරිඝණක වෙළෙඳෙ සලෙහි තබා ඇති බවද පොලිසිය කීය.

අසභ්‍ය වීඩියෝ දර්ශණ සහිත ලැප්ටොප් පරිඝණකයද කොටස් ගලවා තිබෙන බැවින් යම් අවස්ථාවක පාසල් සිසුවකු පැමිණ අසභ්‍ය දර්ශන ඉල්ලා සිටියහොත් ලැප්ටොප් පරිඝණකය එකලස්කොට දර්ශන ලබාදෙන බවටද අනාවරණයවූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

අසැබි දර්ශන අලෙවි කළැයි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 402 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site