
(අංජුල මහික වීරරත්න)
යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයැයි ද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා හොඳම පත්කිරීම කරන්නැයිද කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.
"2023 මාර්තු 23 වන දින සිට පොලිස්පති තනතුර පුරප්පාඩු වීමට නියමිතය. එම තනතුරට හැකි හොඳම පත් කිරීම සිදු කිරීම ඉතා වැදගත් වේ.
පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස ඛාදනය වී ඇත.
ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම මේ සියල්ල පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වී තිබේ. යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයි යනුවෙන්ද නීතිඥ සංගමය යැවූ ලිපියේ සඳහන් වේ.
COMMENTS
දේශපාලනයට ගැතිව, දේශපාලනඥයින් දේවත්වයේ තබාගෙන, නීතිය දේශපාලකයින් හට අවශ්‍ය ආකාරයට නවමින් ජනතාවගේ පිළිකුලට හා කෝපයට ලක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ රටේ සිටිනවා. රටේ පොලිස්පති ලෙස එවන් කෙනෙකු පත්වුවහොත් පොලිස් සේවයේ ඉතිරිවී ඇති ගෞරවයද නැති වන්නේය...
නීතීඥ සංගමේට ඕනෑ හොරු ටිකක් වැඩිකර ගන්න... එතකොටනේ එයාලාගේ ආදායම වැඩි වෙන්නේ... අරගලේදී ගෙවල් ගිනි තියපු අයට අත්පුඩි ගහපු අයගේ ඉතින්... කහනවා වගේ ඇති...
අනේ ඔව් එයාලා කියන විදියටම කරලා දෙන්න. හරිම හොඳ මිනිස්සුනේ...
ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම මේ සියල්ල රනිල් කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවී ඇත.
මහජන විශ්වාශය කොහොම වුණත්, පිනාධිපතිට නැටවිය හැකි අය පත්කර ගනී.
ඔයා මොනවා කිව්වත් වැඩක් නැහැ. සුවච, කීකරු ගෝලයෙක් තමයි ඕකට පත් කරන්නේ. ඒකට අරයා තමයි හරි යන්නේ...
මෙතුමාලාම නේද එක නඩුවක්වත් කතා නොකරපු එතුමාට 50 වසරක "නීති" දිවියට කියලා සම්මානයක් දුන්නේ? ඒක එතකොට කොච්චර සාධාරණද? වෘත්තීය භාවය සහිතද? ස්වාධීනද? තේරෙන්නේ නෑ අප්පා...
ජනාධිපතිගේ ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම ගැන කාටද ලියන්නේ?
කවුරු කොහොම කිව්වත් පින් ජනපතියාට ඕනෑ විදියට තමයි වැඩ සිද්ද වෙන්නේ...?