(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ගල්කුලම හන්දිය ආසන්නයේ නවතා තිබු කැබ් රථයක පිටුපස යතුරු පැදියක් ගැටිමෙන් බරපතල තුවාල ලබා යතුරු පැදියේ ගමන්ගත් මව සහ පුත්‍රයා ඊයේ (29) රාත්‍රියේ මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාච්චාදුව නව නගරයේ පදිංචිව සිටි නදිජා උම්මා නවාස් (48) සහ ඇයගේ පුත්‍රයා වන හනිපා නවාස් මොහොමඩ් නිස්පර්දින් (27) නැමැත්තන්ය.
ඒ නවය මාර්ගයේ 123 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ මාර්ගය අයිනේ නවතා තිබු පානිය ජලය ප්‍රවාහනය කරනු ලබන කැබ්රථයක පසුපස මේ දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය ගැටි ඇති බවත් ඉන් බරපතල තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කරන ලද බවත් පොලිසිය කියයි.
මිහින්තලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බරපතල තුවාල හේතුවෙන් මෙම මව සහ පුත්‍රයා ඊයේ(29)දින රාත්‍රි දහයට පමණ මෙසේ මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ කටුපත මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කැබ් රථයේ රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (30) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
කැබ් රියදුරා කරපු වැරැද්ද මොකක්ද? ගොඩක් බයිසිකල් කාරයින් අසීලාචාර විදියටනේ යන්නේ
කැබ් රථයක් හෝ වෙනයම් වාහනයක් මාර්ගය අසල නවතා තිබෙනවා නම්, එය මහා මාර්ගය අවහිර නොකර මාර්ගයෙන් පිටතට ගත යුතු අතර, වාහනයේ පසුපස පරාවර්තක පහන් පිටුපසින් පැමිණෙන රියදුරන්ට හොඳින් පෙනෙන්නට සැලැස්විය යුතුයි. මෑතකදී මෙවැනි වාහනයක් අධිවේගී මාර්ගය අසල නවතා තිබියදී, වාහනයක් ගැටී සංචාරකයින් දෙදෙනෙක් මරුමුවට පත් වුණා. එබැවින් මේ අනතුරේදී පොලිසිය විසින් කැබ් රථ රියදුරා අත් අඩංගුවට ගැනීම නිවැරදියි.