IMG-LOGO

යාපනය නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංඛ

         

යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.

කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකර ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රිසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවද කයිට්ස් පොලීසිය පවසයි.

පසුගිය පළාත් සභා පාලන සමයේදී ද හිටපු උතුරු මහඇමැති සී.වී.විග්නේශ්වරන් ඇතුළු දෙමළ දේශපාලඥයින් විසින් උතුරු පළාත් සභාවේදී විරෝධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවයි.  



අදහස් (20)

යාපනය නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්

Bandara Sunday, 09 December 2018 07:15 AM

යහපාලනය සහ සහජීවනය..

:       835       1520

shan saudi Sunday, 09 December 2018 08:48 AM

විග්නේශ්වරන් ඇතුළු කොටි හිතවාදීන් යළිත් කළු ජූලියක් ඇති කර ගැනීමේ මිලේච්ඡ උත්සාහයක යෙදෙන බව හොඳින් පැහැදිලිය. සිංහල ජනතාව මේ කාරණා අවබෝධ කරගෙන ව්‍යසනයක් ඇති කර නොගෙන සිටීම ගැන සන්තෝෂයි. නමුත් ජනපතිවරයා හොඳින් අවබෝධ කරගත යුතුය. මේ ඉවසීම දිනක ඉක්මවා යන බව... ඒ නිසා මෙවන් ක්‍රියාකාරකම් නැවතීමට ඔහු වහාම පියවර ගත යුතුය. අනවශ්‍ය දේට තමන්ගේ බලය යොදමින් අවැසි දේ මග හරිමින් නීච ලෙස සිංහලයාට රට අහිමි කිරීමේ කාර්යයේ ජනපති නියැලෙන බව හොඳින් පැහැදිලියි.

:       12       501

theshanTuesday, 11 December 2018 02:32 AM

නැත්නම් අන්ගතයේ අපේ දරුවන්ට ශ්‍රී ලංකාව කියා රටක් ඉතුරු වෙන්නේ නැහැ.

:       0       0

Priyantha Sunday, 09 December 2018 09:56 AM

සමහරක් තාම හිතාගෙන ඉන්නේ යහපාලන ආණ්ඩුව තිබෙන්නේ කියලා. වැරදීමෙන් මොරදෙනවා. මෙන්න කොටි නැගිටිනවෝ බුදු අම්මෝ රට ඉවරයි. කොටියා නැගිටිනවෝ කියලා. පස්සෙ තමා මතක් වෙන්නේ හොරාකාපු ආණ්ඩුව දැන් තියන්නේ කියලා..

:       785       1083

jim kuruSunday, 09 December 2018 10:20 AM

සමාවෙන්න අමතකවීමක්...

:       1       74

BamunuarachchiSunday, 09 December 2018 11:56 AM

ඉතින් ඔයකතාව නාගදීප බෝඩ් එකේ චෛත්‍ය රූපේ මකා දැමීමට තිබෙන සම්බන්ධය මොකක්ද? උතුරේ ගොයියෝ හිතාගෙන ඉන්නේ තවමත් රනිල්ගේ නායකත්වයෙන් යහපාලනයක් තිබෙනවා කියලා. ඔවුන් හිතාගෙන ඉන්නවා රනිල් සමග දෙමළ සංධානය තිබෙන ගිවිසුමට අනුව ෆෙඩරල් ලැබිලා කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දාපු චෝදනා බාරගත්තේ රනිල්ගේ ආණ්ඩුව. පොකට් ගහලා අතට අසුඋන පොකට් කාරයෙක්වත් උසාවියේදී චෝදනා බාරගන්නේ නැත. අන්න එහෙව් මිනිස්සු එජාපෙ ඉන්නේ ඉතින් මේ අයටද රටේ පාලනය දෙන්නේ බොලවූ?

:       0       0

DarshanaSunday, 09 December 2018 12:05 PM

ඇයි යහපාලකයෝ හොරු නොවෙයිද... ඒ කම්බහොරු ...

:       0       0

BandaraSunday, 09 December 2018 06:05 PM

අම්මෝ ප්‍රියන්ත මහත්තයාගේ මොලේ...

:       0       0

BamunuarachchiMonday, 10 December 2018 01:16 AM

මොකක්ද ඔහේගේ අග මුල සම්බන්ධ නැති කතාව. ඔබ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? බනින්නේ රනිල්ගේ ආණ්ඩුවටද? මහින්දගේ ආණ්ඩුවටද? ඇඟ බේරන් කතාකිරීමට දක්ෂතාවයක් තිබිය යුතුය.

:       0       0

dias Sunday, 09 December 2018 09:58 AM

ජනාධිපතිතුමනි කඩුව මොට්ටද? සිසිකඩ කරන්න මේ අයව...

:       34       76

BamunuarachchiMonday, 10 December 2018 01:10 AM

කඩුව බටේ දාපු ගමන් ඇදගන්න බැරිව ඉන්නේ...

:       0       0

ලුම්බිණි Sunday, 09 December 2018 10:50 AM

මෙතන තීන්ත ගාලා තිබෙන්නේ නාගදීප නාමපුවරුවට නොව එහි ඇති චිත්‍රයේ නේද?

:       127       5

theshanMonday, 10 December 2018 11:11 AM

තම ඡායරූපයේ පමණි රතු ගෑවේ... අපි තව කටවහගෙන හිටියොත් ගෑවෙන්නේ ලේ.. එ් නිසා වහා ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

Darshana Sunday, 09 December 2018 12:07 PM

තව ඉතිරිවෙලා තියෙන හමුදා කඳවුරු ටිකත් අයින් කලා නම්...

:       0       0

theshan Sunday, 09 December 2018 03:01 PM

ඉවසුවා හොඳටම ඇති..., අපි කොළ, නිල්, රතු කියකියා මරාගන්න කොට මේ ගොල්ලෝ මෙහෙ නැගිටිනවා. සිංහලයිනි දේශපාලකයන් අමතක කර අපි එක්සත්ව නැගිටිමු. නැවත කොටියට පණ නොදෙමු.

:       2       312

PerakumMonday, 10 December 2018 12:44 AM

කතා කරලා වැඩක් නෑ. සිංහල කියන්නේ කිසිදාක සමගි කරන්න බැරි ජාතියක්. එල්ටීටිය බලවත් කාලේවත් අපි සමගි උනාද. නෑ නේ.

:       0       0

BamunuarachchiMonday, 10 December 2018 01:01 AM

එතකොට රනිල්ගේ ඊනියා සංහිඳියාවට මොකද වෙන්නේ? දැන් රනිල්ට ආවඩන ගොයියෝ සද්ද නැහැ සිංහලයෝ නැගිට්ටවන්න මේ කල්පේ බැහැ. අරුන් ෆෙඩරල් ඉල්ලනවා සිංහලයෝ ඒ අයව ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතනවා.

:       0       0

BamunuarachchiMonday, 10 December 2018 01:09 AM

පෙනෙන්නේ නැද්ද සමහර ගොබ්බයින්ට චෛත්‍ය මකා දැම්මාට කමක් නැහැ නාමපූරුවට මකා දැම්මොත් තමයි ප්‍රශ්නය. මේවගේ මිනිස්සු තව කොපමණ මේ රටේ ඉන්නවාද ? නරක නැහැ ලක්ෂ 62ක් ඉන්නවා.

:       0       0

gayan Monday, 10 December 2018 05:41 AM

නාගදීප විහාරය පිහිටා තිබෙන්නේ නයිනතිව් දුපතේය. දෙමලෙන් "තිව්" කියන්නේ දුපතටය. මොනවා උනත් මෙසේ කිරීම වැරදියි.

:       0       0

susantha Monday, 10 December 2018 07:25 AM

රනිල් ඇතුළු පහුගිය ආණ්ඩුව වපුරපු බිජ වල පැල තමයි ඔය මතු වෙන්නේ... කිසිම හේතුවක් නැතිව අමුතු සැලකිල්ලක් දුන්නේ උතුරට.. කිසිම දුර දැක්මක් නැති දේශපාලකයෙක්.... තව හිටියා නම් කොටිත් ලස්සනට නැගිටිනවා. රටේ උතුරු නැගෙනහිර නැතිව අනිත් පළාත් වලට විතරයි. ඒ ආණ්ඩුවේ සහජීවනය ක්‍රියාත්මක වුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site