ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය මහනුවර මහ රෝහලේ දී කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හදවත 12% ක් පමණ අකර්මණ්‍ය වී තිබූ අනුරාධපුරයේ කාන්තාවකට(34) මෙම හදවත් බද්ධය කළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
මොළය මිය ගිය තරුණයකුගේ(24) හදවතක් ඇයට බද්ධ කළ බව ද රත්නායක මහතා පවසයි.
එම තරුණයාගේ වකුගඩු දෙක තවත් වකුගඩු රෝගීන් දෙදෙනකුට බද්ධ කර ඇති අතර හදවත් බද්ධයකට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධයට භාජනය වූ රෝගීන් දෙදෙනා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබති.
ඔවුන්ගේ තත්ත්වය සුවදායක බව ද ඒ රත්නායක මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇසීමත් සතුටක්... නේ...
ඒ වුණාට අපි යන්නේ මවුන්ට් එලිසබත්....
සයිටම් එකෙන් කළා නම් ඔහොම දෙයක් ඉතින් ලෙඩාට ඔපරේශන් එකෙන් පස්සෙ යන්න වෙන්නෙ ගෙදර නෙමෙයි....
දැන් ඔය සැත්කම කළේ රාජිත ඇමතිතුමාද? නැතිනම් දොස්තරලාද? මෙච්චර දක්ෂ දොස්තරලා තමන්ගේ රටේ ඉඳිද්දීනේ වෙන රටවලට යන්නේ...
මේක අපට ලොකු ආඩම්බරයක්...