(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමත් මාවතේ පදිංචි 28 සහ 24 දී ඇති අඹුසැමි යුවළක් බව පොලිසිය පවසයි.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන බිරිඳ ගිනි තබා ගෙන ඇතැයි පොලිසිය පවසයි .
ඇයගේ සිරුර ගිනි ගනිද්දී ස්වාමි පුරුෂයා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිලිස්සීම් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, බිරිඳගේ තත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
අම්මෝ අවුරුදු 24,28... සිවුදරු පවුලක්.මේ දෙන්නා වෘත්තීය දරුවන් බිහිකරන්නෝද? කුලියට ලමයි හදලද? රටට හිඟන්නන් බෝකිරීම අපරාධයක් කියලා නීති සම්පාදනය කරන තෙක්ම මේ ව්‍යසනය නතර වෙන්නේ නෑ.....