මනෝප්‍රිය ගුණසේකර
හයට්‍රි හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කළ රුපියල් කෝටි 400ය නිසි අවසරයකින් තොරව ‘‘හයට්‍රි රීජන්සි‘‘ හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින් රජයේ මුදල් අවභාවිතා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ප්‍රියාසාද් ඩෙප් මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ගාමිණි හේරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍රය හා සාක්ෂි සම්බන්ධයෙන් පිටපතක්ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ගාමිණි හේරත් මහතාට අමතරව බණ්ඩාර හපුහින්න, ලසන්ත පෙරේරා , ප්‍රියදාස කුඩාමානගේ මහත්වරුන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා පියවරගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලගම තියන පංසලට මල් වට්ටියකුත් අරගෙන ගිහිල්ලා , වයසක උපාසක අම්මලා වටකර ගෙන කියයි "මේ ආණ්ඩුව මගෙන් පළිගන්න තියන උවමණාවට මගේ වටේ හිටිය මට උදව් කල අයට බොරු චෝදනා හදලා නඩු දානවා කියලා".වොයිස් කට් එකක් දීලා මාරු වෙයී.