(දයාරත්න ඇඹෝගම)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඥාති සහෝදරියකගේ ඇතුළු නිවාස 40ක් පමණ කොල්ල කෑ බව කියන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු අද (24)තඹුත්තේගම කොන්වැව දී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි.
සැකකරුට එරෙහිව අනුරාධපුරය,තඹුත්තේගම,මාවතවැව සහ ගිරාදුරු කෝට්ටේ යන අධිකරණවල මංකොල්ලකැම් සහ නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු 40කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.
මොහු පොලිස් නිලධාරින්ගේ නිවෙස්වලට පවා ඇතුළුවී මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් අයකු බව පොලිසිය කියයි.
මිට දින තුනකට පමණ පෙර සැකකරු ජනාධිපතිගේ ඥාති නිවසකින් රන් පවුම් 20ක් සහ රුපියල් ලක්ෂ හතර හමාරක් සොරා ගෙන ඇති බවටත් තවත් නිවසකින් රුපියල් ලක්ෂ 27ක රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා පවතී.
සොරාගත් රන් භාණ්ඩ රැසක් සැකකරු විසින් උකස් කරනු ලැබ තිබේ.
COMMENTS
රන් පවුම් 20 කියන්නේ ලොකු ප්‍රමාණයක්...
මොනවා වුණත් සාධාරණ හොරෙක් තමයි.
මෙයාව හිරේට යවන්නේ නැතුව කියමුද ඇලෝසියස්ගේ මුදල් අරගෙන ඒ මුදල් රජයට දෙන්න කියලා?
ලංකාවේ ලොකුම සහල් ව්‍යාපාරිකයා ජනාධිපති තුමාගේ සහෝදරයෙක් , අනිත් සහෝදරයා ලාල් සිරිසේන පදවපු රුපියල් කෝටිය කට වැඩි වටිනාකමක් ඇති වහනයට යට වෙලා දැනට මස කිහිපයකට උඩදී දෙදෙනකු මරුන , බලාගෙන ගියහම මුළු පවුලම කොටි පතියෝ , හැමදාම ජනතාවට සේවය කරපු අපේ ජනාධිපති තුමාට තමා මොකවත් නැත්තේ ?