
(නිමන්ති රණසිංහ)
අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08)නියෝග කළේය.
ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූනි. ඒ අනුව අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් (03) දාය.
අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අනුවනේ ඇප ලැබෙන්නේ ඒ ගැන තර්ක කරන්න බැහැ.. ඒත් මොවුන් වැන්නවුන්ට දැඩි දඬුවම් දෙන්න නීති හදමු...
නාඳුනන තුවක්කු කරුවෙකුට වැඩේ බාරදෙමු.