එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බව උතුරේ ආරක්ෂක අංශ අවධාරණය කරයි.
උතුරේ දෙමළ දේශපාලඥයින්ගේ සහ සිවිල් සංවිධාන මූලිකත්වයෙන් 21 වනදා සිට ලබන 27 වනදා තෙක් ඇති මහවිරු සතිය පුරාම මෙම සැමරුම් සංවිධානය කර ඇති අතර යාපනයේ පමණක් සැමරුම් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබෙන බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.
මෙවරද ප්‍රධානතම මහවිරු සැමරුම් මියගිය කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී ලබන (27) වනදා සවස සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙමළ ජාතික සන්ධාන යාපන දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලිකත්වයෙනි.
මේ ආකාරයෙන් ලබන 27 වනදා යාපනය විශ්ව විද්‍යාලය,කයිඩස් සාටි වෙරළේ පිහිටි එල්.ටී.ටී.ඊ සුසාන භූමිය, කෝපායි,හි පිහිටි යුද හමුදා 51වන සේනාංකය ඉදිරිපිට, වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් වැල්වැටිතුරෙයි නිවස ආදී ස්ථාන කේන්ද්‍රගතව මහවිරු සැමරුම් සංවිධානය වී ඇති අතර ඇතැම් ස්ථානවල එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපත යෙදෙන (26) දින උපන්දින සැමරුම් ද සංවිධානය වී ඇතැයි ද පැවසේ.
2025 ඔක්තෝබර් මස 08
1616
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1391
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් උතුරේදී සැමරීමට සූදානම්
Adam Monday, 25 November 2019 11:44 AM
සැමරුම් සංවිධානය කලාට සමරන්න වෙන්නේ නැහැ.. දැන් කොන්ද පණ තියෙන පිරිමියෙක් ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ...
GuneTuesday, 26 November 2019 04:13 AM
ආණ්ඩුවට පක්ෂ දෙමළ දේශපාලනඥයන් වගේම ඔවුන්ට කතාකළ හැකි බුද්ධිමත්, දෙමළ නොවන ජන නායකයින් සහභාගී කරවාගෙන හෝ සාමාන්‍ය දෙමළ ජනතාවට යථාතත්වය අවබෝධ කර දිය යුතුයි. කොහෙද ඉතින්.....අපේ කොයි දේශපාලුවටද එහෙම උවනාවක් තියෙන්නේ ? ජාතිවාදයෙන් බැරිනම් ඕන වාදෙකින් බලය රැකගන්න හිතනවා මිසක්.........නායකයෙකුට ලැබෙන, ලැබිය හැකි ශක්තිමත්ම බලය රටේ සමස්ත ජනතාවගේම ආදරයයි. මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ටයන්ට සුද්දන් හිසනැමුවේ ඔහු පසුපස තිබුණ ජනාදරය නිසයි.
NishanTuesday, 26 November 2019 04:44 AM
සිවාජිලිංගම් මේවා කරවන්නේ කාට ලකුණු දාලා දෙන්නද? මේවට ලොකු ප්‍රචාරයක් දීලා ආණ්ඩුවෙන් නවත්තන එකටත් ලොකු ප්‍රචාරයක් දුන්නම කොන්ද පණ තියෙන පිරිමියාට ලකුණු ගොඩයි.
Don Monday, 25 November 2019 01:21 PM
සමරන්න පටන්ගත්තොත් අපේ හාමුදුරුවරු උපවාස කරාවි, කඳුළු ගෑස් ප්‍රහාර වලට බියනොවී ජනතාව වීදි බහීවි.
සෙනෙවිරත්න Monday, 25 November 2019 01:24 PM
මෙතනදි කොන්දෙ හයිය ගැන කතා කරලා වැඩක් නැහැ. කළ යුත්තේ නුවණින් කටයුතු කර ඛේදවාචකයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමයි. දෙමළ සාමාන්‍ය ජනයා ඉතා ලෙහෙසියෙන් යම්යම් දේවලවලට සම්බන්ධ කරගත හැකි බව අත්දැකීමයි. ප්‍රභාකරන් කලක් අල්ලාගෙන සිටියේ එබැවිනි. නායකයන් පසුපසින් සිටින බැවින් තත්වය සංකීර්ණයි. ආපසු අංක 1 කොටුවට නොයාමට කටයුතු කළයුතුයි.
Rohana Monday, 25 November 2019 02:09 PM
කොටියා ඔලුව උස්සයිද?
raviMonday, 25 November 2019 03:05 PM
කොටියා කෙසේවෙතත් බලු සිංහයා නම් ඔලුව උස්සාවි ගෝත්‍රිකයින්ගේ පිහිටෙන්...
ගල්මංගොඩ Monday, 25 November 2019 02:34 PM
මිය ගිය දමිළ ජනතාව සැමරීමේ වරදක් නෑ. තහනම් සංවිධානයක් බැවින් LTTE මහවිරු සැමරීමයි ගැටලුව.