එච්.එම්.ධර්මපාල
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා හා නියෝජ්‍ය නගරාධිපති ලෙස අධි නීතිඥ දිප්ත උඩවත්ත මහතා තේරීපත් විය.
නගරාධිපතිවරයාට ඡන්ද 23 ක් ද නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඡන්ද 25 ක් ද හිමි විය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් , කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සෙව්වන්දි හෙට්ටිආරච්චි, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි පාලිත අබේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 19 දෙනාට අමතරව ශ්‍රීලනිප මන්ත්‍රීවරු 4 ක් ඡන්දය ලබාදුන්නේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටි සුනේත්‍රා රණසිංහ මහත්මියට ඡන්ද 21 ක් ද රුවන් ලියනගුණවර්ධන මහතාට ඡන්ද 19 ක් ද ලබා ගැනීමට හැකිවිය.
COMMENTS
"ටිරිවානේ ගල් යටගිහිලා ගොමරිටි උඩ එන කාලේ "
වත්මන් රජයේ ආයු කාලයේ අවසන් ගමන ඇරඹෙයි. ආපු දවසේ ඉඳන් කයිවාරු හැර වෙන මොකුත් දකින්න නැහැ.
මේකට සුදුසුම කෙනා නාවලගේ බැනට් කුරේ මැතිතුමා... !!!
බැසිල්ගේ එක වැරදියි කියා අවුරුදු 3ක් තිස්සේ සංශෝධනය කළේ මොකක්ද?