කොරෝනා වයිරසය හේතුවෙන් පැය 24ක් ඇතුළත ඉතාලියේ මරණ 919 ක් සිදුව ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි.
මේ අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සමස්ත ගණන 9,134ක් දක්වා ඉහළ ගියේය.
ඉතාලිය තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පෙබරවාරි 21 වැනිදාය. මීට පෙර දිනක් ඇතුළත ඉතාලියෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ මාර්තු මස 21 වැනිදාය .
එදින වාර්තා වූ මරණ ගණන 793 කි.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ සතියේ සඳුදා ඉතාලියෙන් මරණ 602 ක් වාර්තා වූ අතර අඟහරුවාදා මරණ 743 ක් ද බදාදා මරණ 683ක් ද බ්‍රහස්පතින්දා මරණ 712 ක් ද වාර්තා විය.
ඉතාලියෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද 86,498ක් දක්වා ඉහළ ගියේය .
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි.
ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනය වූ 10,950 ක් මේ වනවිට සුවය ලබා ඇත .
කොරෝනා වයිරසය ආසාදනය වූ ඉතාලියේ 3,732ක් මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
රොයිටර්
055
COMMENTS
අනිච්චවත සංඛාරා ! කොහොම වුනත් යුරෝපයේ රටවල් සියල්ල අපේ ශ්‍රමිකයන්ට වසද්දී අපට දොර ඇරපු රටක්. පසුගිය කාලේ අපේ ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල් සහ ඉතාලි ජාතික සංචාරකයෝ නිසා අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබුනා. එහෙ වැඩකරන අපේ මිනිසුන් කිහිප දෙනෙකුගේ (ඉතාලියේ සිටින ශ්‍රී ලන්කිකයගෙන් අති බහුතරයක් නීතිගරුක කඩිසර මනුෂ්‍යයන් ) නොමා වැඩ නිසා කොරෝන රෝගීන් කිහිප දෙනෙක් මෙහෙ බෝවුනත් ඉතාලිය අපේ මිතුරෙක් , ඔවුන්ට තුණුරුවන් සරණෙන් මේ උවදුරෙන් ගැලවිලා සුවය ලබන්න කියලා ප්‍රාර්ථනය කරමු.
ඉතාලියේ සමහර සෞඛ්‍ය නිලධාරින්ටත් කොරෝනා තියෙනවා.