( තිළිණි ද සිල්වා )
නැවත දැනුම් දෙන තුරු ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපල් පත් සහ තැපැල් භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිටුවීමට ඕමාන තැපෑල තීරණය කර ඇතැයි එරට පළවන ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් වෙබ් අඩවිය අද (19) වාර්තා කළේය.
ලංකාව තුළ මතු වී ඇති අනපෙක්ෂිත තත්ත්වයක් හේතුවෙන් ඕමාන රජය ගත් තීරණයක් මත කිසිදු තැපෑලක් එරටට නොයැවීමට තීන්දු කළ බවද ඕමාන තෑපල් සේවය සඳහන් කර සිටී.
ශ්‍රී ලංකාවේ තැපැල් සේවය කිසිදු ජාත්‍යන්තර තැපැල් පත් බාර නොගන්නා බවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් විද්‍යුත් තැපෑල ඔස්සේ කළ දැනුම් දීමකින් පසුව මෙම තීරණය ගත් බව ඕමාන් තැපැල් සේවයේ නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මෙරට තැපැල් සේවක ගැටලූ කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඉකුත් 11 වැනිදා සිට ක‍්‍රියාත්මක කළ දිවයින පුරා තැපැල් සේවක වැඩවර්ජනයක් පවත්වමින් සිටින අතර තැපැල් සේවකයින් 26000කට වැඩි පිරිසක් තැපැල් සේවා වලින් ඉවත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් පත් සහ තැපැල් භාණ්ඩ එවීම තාවකාලිකව අත්හිටුවයි