(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකුගෙන් රුපියල් 2,000ක අල්ලස් මුදලක් ලබාගත් කුලියාපිටිය කරගහගෙදර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු පොල්පිටිය සමෘද්ධි ප්‍රජා මූල බැංකුව අසළදී අද(19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
සැකකරු කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවයේ යෙදෙන්නෙකු බව ද පොලිසිය කියයි.
සමෘද්ධි සහනාධාර අනිවාර්ය ඉතුරුම් ගිණුමෙන් මුදල් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවට පොරොන්දු වී තිබූ සැකකාර නිලධාරියා ඒ සඳහා රුපියල් 2,000ක මුදලක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
එයින් රුපියල් 500ක මුදලක් මීට දින කිහිපයකට පෙර ලබාගෙන තිබූ සැකකරු ඉතිරි මුදල ලබාගනිද්දී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
294
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලස් ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට