එම්.කේ.නන්දසේන
කතරගම බස්නැවතුම් සීමාවේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට ඉකුත් සඳුදා පාන්දර ත්‍රීරෝද රථයකින් පැමිණ වේඩි තබා සැඟව සිටි බව කියන සැකකරුවන් දෙදෙනකු අද (23) නීතිඥයකු මාර්ගයෙන් කතරගම පොලිසියට බාර වී ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් විසින් වේඩි තැබීමට යොදා ගත් ගල් කටස් වර්ගයේ ගිනිඅවිය හා ත්‍රීරෝද රථය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ප්‍රහාරයට ලක් වූ බුද්ධි අංශ නිලධාරියා බස් රථයට ගොඩවීමට කතරගම බස්නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇත.
වෙඩි ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරියාගේ වම් අතට බරපතල තුවාල සිදු වී ඇති අතර ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක්ද සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධි ක්‍රියා කරන්නන්ගෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රහාර එල්ලවෙද්දී පුද්ගලික ආරවුලක් කියලා බුද්ධි අංශ නිහඬ කිරීමක්...
දැන් ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් කීයක් විතර ඉතුරු වෙලා ඉන්නවද? නිකන් දැනගන්න අහන්නේ.
ආයුධ පෙන්වන්න කියලා ගෙනියන්න.