(ඩයනා උදයංගනී)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.
මෙම කොකේන් ඔරුගොඩවත්ත, කැලණිය පෙතියාගොඩ සහ රත්මලාන යන ප්‍රදේශයන්ගෙන් අත් අඩංගුවට ගත් ඒවා වේ.
එම කොකේන් ජලය ලීටර් 4000 ක් තුළ දියකිරීම සිදුකරන අතර පසුව පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වෙත ගෙනගොස් එහි ඇති උදුනක් තුළ දී සෙලසියස් අංශක 1800 ත් 2000 ක උෂ්ණත්වයක් යටතේ පුළුස්සා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාගේ පුර්ණ අධීක්ෂණ යටතේ මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම කටයුතු නිරීක්ෂණය සදහා පැමිණීමට නියමිතය.
2016, 2017 යන වසර වල අත්අඩංගුවට ගෙන ඇති මෙම කොකේන් තොගය අධිකරණ වෙත ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාවලියෙන් පසු මෙලෙස විනාශ කිරීම සිදුවේ.
මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාවරියගේ අවසරය මත සාම්පල් පරීක්ෂාවක් සිදුකර ඇති අතර මෙම සියලු ක්‍රියාවලිය පරිසරයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් වායු වශයෙන් පරිසරයට මුදා හැරෙන බව පොලිසිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඇති ඉන්සී එකෝසයිකල් නැමති ආයතනය මගින් කොකේන් දිය කිරීමේ කටයුතු සිදුකෙරිණ.
මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, පරිසර අධිකාරිය ද , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු ද එක්ව සිටිති.
( ඡායාරූප -ලහිරු හර්ෂණ)








COMMENTS
මේවා රට තුලට ගෙනා අයව විනාශ කරන්නේ කවද්ද?
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. ඔය ටික නැති බැරි මිනිස්සුන්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නෙ
" රටක්, ජාතියක් මෙන්ම තරුණ පරපුර විනාශ කිරීමට සුක්ෂම ලෙස අර අදින අන්තවාදී පරයන්ගේ " ක්‍රියාවන් වැලැක්වීමට ඔබ සැම ගන්නා උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.
අද දුම් ගහල සමහර පැතිවල අය සූර් වෙලා ඉඳි
දැනටමත් මේවා පාන්පිටි වෙලාද දන්නේ නැහැ. කැලණිය පැත්තෙනේ තිබිලා තියෙන්නේ?
මේ ජරාව ගෙන්නන්න වියදම් කරලා තියෙන්නේ කෝටි අටසීයක් විතර රටේ සල්ලි නේද?. ඉතින් විනිමය අනුපාතය බහින්නේ නැතිවෙයිද?
කිලෝ 750ක් පේන්න නෑ
අපරාදේ, ඔය ටික විද්‍යාලන්කරට දුනනම් යහපලනෙට සල්ලිටිකකක් හොයාගන්නවා.
එතකොට හිටපු අගමැතිවරයෙක්ගේ කවුදෝ ගෙනාපු කන්ටේනර් ගණන් ඒවාට මොකද වුනේ? ඒවා කොකේන් නොවේද?
ආයතන දහයක්, දාහක් විතර සෙනග එකතුවෙලා, ඉතා සංකීර්ණ ක්‍රමයකට , පෞද්ගලික ආයතනවලට ගෙවාගෙන , සල්ලි නාස්තිකරගෙන කරන මේ මගුල එක සිම්පල් විදිහකින් ඉවර කරන්න තිබ්බා. බෑග් ඔක්කොමේ තියෙන කොකේන් කුඩු ටික කක්කුස්සි වලකට හලුවනම් ගේම ඉවරයි. බඩුත් විනාශයි. හෑබෑයි එතකොට පත්තරවල ටීවීවල මුන දාගන්න හම්බ වෙන්නෙ නෑ.
මේ පින්තූරවල ඉන්න සමහරු බලන් ඉන්නේ විස්සොපෙන් වගේ
ඔය ටික රටක් විදිහට විකුණලා, ණය පියවගන්න බැරි වෙයිද?
අපරාදේ ජාතික ධනය විනශකරනවා ....
කොකේන්ම කියලා ශුවර්ද? අනික සිමෙන්ති ෆැක්ටරියට අරන් යනකොට ඒකේ පිච්චෙන්නේ ඕකම කියලා ශුවර්ද?
මේකටත් මහජන මුදල වියදම් කරන්න හදන්නේ . අනේ සංසාරේ ලංකාවට ගිය කලක් .
වතුර වාෂ්ප වෙලා සිමෙන්ති ගෝනි වල ආපහු රට ඇතුළට එයි වගේ
විනාශ කරනවට වඩා මේවා නීත්‍යානුකූලව ගනුදෙනු වෙන රටකට විකුණලා සල්ලි ගත්තා නම් ලොකු සංවර්ධනයක් කරන්න තිබ්බා...
මේවායින් අග්ගලා හදලා ගෙන්නපු අයටම කැව්වා නම් නරකද?
දැන් කුඩු කිලෝව එල්ලන කොට ඔය විදිහට ඔක්කොමලා එකතුවෙලා ප්‍රදර්ශනය කරලද ඒක කරන්නේ?
කුඩු විනාශ කිරීම ඉතා අගේ කළ යුතුයි. නමුත් මෙවැනි දේ සඳහාත් උත්සව පැවැත්විය යුතුද? මිනිසුන් ගොනාට ඇන්දවීමේ සීමාවක් නැත. අහෝ රටකට ගිය කලක්...!!!
ඔය ගෝනි වල තියෙන්නේ පිටි, කුඩු ඔක්කොම උස්සලා විධිමත්ව බෙදා හැරලා, ලොක්කගේ පුත්තු කුඩු ගහලා අහු වෙලා.. ඒකයි ප්‍රශ්නේ ගිනි තියන්නේ..
ඔය ගෝනිවල කොහොමත් තියෙන්නේ වෙන මොනවා හරි තමයි. කොකේන්වත් කුඩුවත් නැහැ. ඔය බොරු කරන්නේ....
මේකේ දාලා තියෙන කොමෙන්ට් වලින් තේරෙන්නේ.. මේ රටේ ඉන්න ගොඩ දෙනෙක්ට පොලීසිය හෝ රජය ගැන කිසිම විශ්වාසයක් නැති කමයි. මේක බරපතල කරුණක්. මුළුමනින්ම වගකියන්න ඕනේ.. දේශපාලකයෝයි.. උසස් නිලධාරීනුයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න නම්, එය ස්වාධීන වෙන්න ඕනේ.. නීතිපතිව පත්කරන්නේ ජනාධිපතිනම්, පොලිස්පතිව පත් කරන්නේ දේශපාලකයා නම්, හමුදාපතිව පත් කරන්නේ දේශපලකයා නම්... ස්වාධීන නිලධාරින් හෝ ආයතන ලංකාවේ නැහැ..
කුඩු ගෙනාපු එවුන්ව පුච්චන්නේ කවදද?
දැන් බලන්න කුඩු අල්ලපු රාළහාමිලා පෙලට ඉඳල පත්තරේට පොටෝ දාගන්නවා. කුඩු විනාශ කරන කට්ටිය පෙලට ඉඳල පත්තරේට පොටෝ දාගන්නවා. කුඩු කාරයෝ අද එල්ලනවා ගෙට එල්ලනවා කියල යටිගිරියෙන් කෑගහලා පත්තරේට පොටෝ දාගන්නවා. කුඩු අල්ලපු කට්ටියට වීර පදක්කම් දීල උත්සව තියල පත්තරේට පොටෝ දාගන්නවා.
ඔබ සැම ගන්නා උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු. නමුත් එන මැතිවරණයේදී ඡන්දෙ දෙන්න නම් බැහැ ඇමෙරිකාවත් මේ ක්‍රියාවලියට විරුද්ධ වෙලා බොහොම අමාරුවෙන් මේවා නිෂ්පාදනය කරන්නේ
අපේ රට කුඩු තිප්පලක් බවට පත් කලේ රෝ සංවිදානය නැවත ඔලුව උස්සන්න බැරිවෙන්න. ලංකාවේ ආණ්ඩුව මුළා වෙලා අකාර්යක්ෂමතාව හේතුව.