( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අටුළුගම, මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද (31) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෙෳඛය වෛද්‍ය කාර්යාලය කියයි.
එම උප තැපැල් ස්ථානාධිපතිනියගේ ස්වාමි පුරුෂයා,දියණිය හා වැඩිමහල් පුතුද මේ වන විට නව කොරෝනා වෛරසය ද ආසාදනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛය වෛද්‍ය කාර්යාලය පවසයි.
එම වැඩිමහල් පුතු ඉකුත් 17 වැනි දින ඩුබායි රටට ගොස් දෙදිනක් ගත කර 19 වෙනි දින මෙරටට පැමිණීමෙන් අනතුරුව දින 6 කට පසු කොරෝනා රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් රෝහල් ගත කෙරෙනි.එයින් සිව් දිනකට පසු පියා සහ සහෝදරියද රෝහල් ගත කෙරෙණි.
මේ වන විට කලුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමු වී ඇති අතර එයින් රෝගීන් 5 දෙනෙකුම බණ්ඩාරගම සෙෳඛය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
COMMENTS
සාමාන්‍ය කොරෝනා වෛරසයට ආධාරයක් නොමැතිව චලනය වීමට නොහැකි නමුත් ලංකාවේ තිබෙන්නේ කකුල් දෙකක් සහිත කොරෝනා වෛරස්. ඒ එක්කම වලිගයකුත් තියෙනවා.
දේපළ රාජසන්තක කරන්න.
17 කියන්නේ මේ ප්රශ්නය තිබුණු කාලය. ඒ වගේ කාලයක ඩුබායි ගියා කියන්නේ ගොන්කමටද බලු කමටද නැතිනම් වෙන දෙයකටද ? මේ වගේ මිනිස්සු හිා රටේ ප්‍රශ්නත් ජාතික සම්පත් නාස්තියත් උපරිම වෙනවා නේද?
එතකොට එයා ලංකාවට ආවේ 19 වෙනිදානම් ගුවන් තොටුපලෙන්ම එයාව නිරෝධායනයට යැවුවේ නැත්ද ? යැවුවේ නැත්නම් ඇයි එහෙම කලේ කාගේ වුවමනාවකටද කියලා හොයලා බලන්න.
මට පෙනෙන විදියට මෙ අය පිටරට යන්නේ කොරෝනා ගෙනෙන්න වගේ. සහරාන්ගේ ඉතිරි ගෝල බාලයෝ...
17 ඩුබායි ගිහින් 19 ලන්කාවට ආව කෙනෙක් කොහොමද ගෙදර ගියේ? ගුවන් මගීන්ව ලේබල් කිරීමේ විපාක වන්දනා කරුවන්, ව්‍යාපාරිකයන් ලොක්කන්ගෙ දරුවො ස්වයං නිරෝදනය තමන්ගෙ නිවෙස්වල පිටරට රැකියාවල් කර පැමිනෙන ශ්‍රමිකයන් නිරෝධායනයට කදවුරු වලට අපිට වැරදුනෙ කොතැනද?