IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කුඩ්ඩා බේරා ගන්න පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ

(ඉන්දිකා රාමනායක)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු මහාධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට ඉල්ලා අවිස්සාවේල්ල අවිස්සාවෙල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000ක ලබා දීමට උත්සාහ කළ පුද්ගලයකු අවිස්සාවේල්ල පොලිසියේදී අද (3) අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අවිස්සාවේල්ල තල්දූව හන්දියේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක්, හෙරොයින් මිලිග්‍රෑම් 2100 සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා සිටියදී ඔහුගේ මිතුරකු වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ජී එස් ආර් සංජීව මහතා හමුවට පැමිණ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මහාධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් 50,000 ක ලක් ලබාදෙන බවට දැනුම් දී ඇත.

එම ඉල්ලීමට කැමැත්ත පළ කර ඇති පොලිස් නිලධාරියා පසු දිනට පැමිණෙන ලෙසට සැකකරුට දැනුම් දී ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේ ම එම සිද්ධිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඇති අතර ඔහු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැනුවත් කර ඇත.

අල්ලස් නිලධාරීන්  පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ ඇති අතර, පැමිණ ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහතා හමුවට පැමිණි පුද්ගලයා රුපියල් 50,000 අල්ලස් මුදලින් රුපියල් 25.000 ක මුදලක් ලබාදී ඉතිරි මුදල ඇප ලැබීමෙන් පසු ලබා දෙන බවට දැනුම් දී ඇත. ඒ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත්තේය.

 



අදහස් (2)

කුඩ්ඩා බේරා ගන්න පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ

sam Sunday, 04 December 2022 06:53 AM

පොලිසියට ගාන මදි ඇති ඕක ලක්ෂ දෙකක විතර උනානම්....

:       1       0

Kalanasiri GajasinhaSunday, 04 December 2022 08:15 PM

ඔව් ඔව් ලක්ෂ 2ක් ඔබේ මවත් සමග... ඒ ඇති....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site