
ජපානයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි.
අන්සතු විදේශ ගමන් බලපත් 18 , ලැප්ටොප් පරිගණකයක්,ටැබ් යන්ත්‍රයක්,ජංගම දුරකතන තුනක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා අවුරුදු 28 සහ 24 වයස්හි පසුවන අතර ඔවුන් පිලැස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෝය.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව නව විටත් විදෙස් ගමන් බලපත් තුනක ජපානයට යාම සඳහා අන්සතු වීසා බලපත් අලවා තිබූ බවද පොලීසිය කියයි.
මෙම අඹුසැමි යුවළට එරෙහිව නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මහව අධිකරණයේ නඩු අටක් පවරා ඇති බවත් එම සියලු නඩු සඳහා වරෙන්තු නිකුත් වී ඇති බවත් අනාවරණය වී ඇතැයි ද පොලීසිය සදහන් කළේය.
අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ පිලැස්ස මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් මාට්ටු