ඉන්දිකා රාමනායක
රජය මගින් සහන මිලට ලබාදීමට නියමිතව තිබූ පොහොර මිටි 50 ක සිය පෞද්ගලික වෙළඳසැලේ තබාගෙන වැඩි මිලට අලෙවි කළ බව කියන වාරියපොල ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරීයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත පොලිසිය ඔහුගේ වෙළඳසැල වටලා මෙම පොහොර තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
ගොවීන්ට රුපියල් 1500 ක මුදලකට මෙම පොහොර මිටි ලබා දීමට නියමිතව තිබියදී සැකකරු ඉන් කොටසක් සොරාගෙන මෙලෙස වැඩි මිලට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු අය මහාපරිමාණයෙන්, පොඩි අය පොඩියට හොරාකනවා.
බදු මුදල් අවභාවිතා කරලා අම්මගේ සොහොන් හදපු මිනිහෙක් පාලනය කරන රටක මෙවැනි සිදුවීම් නවත්තන්න බෑ.