IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ රියදුරෙක් අල්ලයි

(සනත් ගමගේ)
 
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් තිබී අද(15) හමු වූ බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය  කියයි.
 
මුල්ගිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට ඡන්ද පොළ භාර නිලධාරියා, පොලිස් නිලධාරියා සහ සහයකයා ඡන්ද පෙට්ටිය රැගෙන මෙම වෑන් රථයට ඇතුළු වී ඇත. එහි රියදුරු අසුන අසළ තිබී මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය හමු වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
 
ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ කිසිම සලකුණක් ලකුණු කර නොමැති අතර පත්‍රිකාවට යටින් ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා පමණක් යනුවෙන් සඳහන් කර තිබූ බවද පොලිසිය කියයි.
 
මේ හේතුවෙන් වෙනත් වාහනයක්  යොදා එම මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු කෙරිණි.
 
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරු තිස්සමහාරාම මෝල කැපූ පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
මෙම වෑන් රථය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුලියට ලබා දී තිබූ වෑන් රථයක් බවද රියදුරු පොලීසියට ප්‍රකාශ කර ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (9)

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ රියදුරෙක් අල්ලයි

ෂෙහාන් Friday, 15 November 2019 10:20 AM

මෙය නම් ඉතාම බරපතල තත්වයකි. අනිවාර්යයෙන්ම මේ ලෑස්තිවෙන්නේ නම් හොර ඡන්ද දාන්නය. යහපාලනය ගෙනෙනවා යැයි පවසා අවසානයේදි ඡන්දයද මංකොල්ල කෑමට සැරසෙයි. සියලු වගකිවයුතු අංශ දැනුවත් කර ආරක්ෂාව තරකළ යුතුය.

:       1790       2208

HemaFriday, 15 November 2019 10:45 AM

මෙය පොහොට්ටු පක්ෂයේ වැඩක් විය යුතුයි.

:       6717       6791

යාපFriday, 15 November 2019 05:14 PM

ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවනේ නේද? ඔබ වැනි වහල්කමින් මිරිකුණු ඇත්ත දකින්න බැරි මිනිස්සු ඉතා ස්වල්පව සිටියද බහුතර ජනතාව වහලුන් නොවන බව සහ පොඩි එකෙකුට තේරුම් ගතහැකි මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් බව කරුණාවෙන් සලකන්න..

:       197       350

lankasri Friday, 15 November 2019 12:22 PM

මට නම් ඡන්ද පෙට්ටි අරන් ගිය අයත් සැකයි. ඔවුන් මෙවැනි පත්‍රිකා එහි තිබූ බව පවසා වෙන වාහනයක් යොදාගත්තා කියන්නේ සමහර විට ඒ වාහනේද දන්නේ? නැහැ හොර ඡන්ද පෙට්ටි ගණන් තියෙන්නේ...

:       0       222

dissa Friday, 15 November 2019 12:41 PM

පුතාණෝගේ පියා 89යේ ජනාධිපතිවරණය දින්නෙත් ඔය වාගේ නේද?

:       854       1081

රජින්ද Friday, 15 November 2019 03:06 PM

මම කලිනුත් කිව්වා වගේ මේ රටට සිදුකළ මහා විනාශය සහ ඇමෙරිකානු ගිවිසුම්වලින් මේ රටට කරන්නට යන විනාශය නිසා අපකීර්තියට පත්ව ඉතිහාසගතවන පරාජයක් පෙනිපෙනී හොර ඡන්ද දමා ඡන්ද මංකොල්ලයකට සැරසෙන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. ඒ නිසා සියලු ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටීම වැදගත්ය.

:       572       490

AravindaFriday, 15 November 2019 05:11 PM

එහෙම වුණොත් රටට ආදරේ ජනතාව බලානොසිටීවි.

:       0       157

Bandara Friday, 15 November 2019 05:15 PM

පියාගේ අඩිපාරේ යන පුතාණෝ සහ 30පාරක් පැරදුණු සූත්තර පුංචාගේ වැඩ තමයි.

:       164       355

Ranasinha Friday, 15 November 2019 05:18 PM

හේමා ඔයානම් මාරයි. හොර ඡන්ද පෙට්ටි දැම්මෙත් පොහොට්ටුව නේද?

:       17       169

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1034 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site