(හර්ෂණ තුෂාර සිල්වා)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ප්‍රදානය කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා අද (30) ප්‍රකාශ කළේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සංවිධානය කරන ලද සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.
ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා සහභාගී වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුවය.
මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය, අනෙකුත් ආගමික නායකයන්, හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)








COMMENTS
වැඩේ යට ගහන්න සල්ලි දුන්නා එහෙනම් නේද?
විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් මිලියන පහක්, ISIS හා JIHADISTS ලාට ඩොලර් මිලියන 500ක්, මල විකාර, පට්ට විහිලු...
උඩම පින්තුරේට මං හරි ආසයි. ජෝතිගේ ලස්සන සින්දුවක් තිබුණා. අැයි දැන් එපාවෙලා යන්නේ ඉවත බලා..?
සල්ලිවලට වැඩුණු මිනිසුන්ගේ හා කුඩා ළමුන්ගේ නැතිවුණු හා බිඳුණු ජීවිත මිලකළ හැකිද?
දෙවැනි ෆොටෝ එකේ මහින්ද මහත්තයාගේ අත් දැක්කම මට මතක් වුණා..
ලැජ්ජා නැද්ද?
සාධාරණ ලෙස විපතට පත්වූවන්ට ලැබුනොත් හොඳයි.
මිනිස්සු තුන් හතර දෙනෙක් කරපු වැරැද්දකට මුළු සමාජයම වග කියන්න ඕනේ නැහැ. නමුත් මේ මිනිස්සු කුඩා කොටසක් කරපු වැරැද්ද වෙනුවෙන් තමන් ඒ වගකීම භාර අරගෙන කටයුතු කිරීම මෙතන හරිම වැදගත් ක්‍රියාවක්... අපිත් අපේ සමහරු කරනවා. ඒවාට සිංහල සමාජයක් විදිහට වගකීම භාරගන්න වුණොත් කොතැනින් කෙළවර වේවිද කියලා කල්පනා කරලා බැලුවා. මහා බැංකු මංකොල්ලය, 83 ජුලි කලබල, සුනාමි හොරකම් වගේ දේවල්. හැමවිටම පුද්ගලයන් කරන දේවල් ඒ සමාජය හරහා මනින්න යාම් තුලින් තමයි හුඟක් ප්‍රශ්න ඇතිවෙන්නේ...
රටට සිදුකළ අපරාධය ඔය වගේ සිය ගුණයක් විශාලයි. අපිට අමතක වෙන්නේ නැහැ. කෑම බිමේ ඉඳලා අපි දැන් සැලකිලිමත්...
අනේ මෙහෙමත් හිඟන රටක්..
සල්ලි ලැබෙනකොට ඔක්කොම එන්ටර් වෙනවා නේද?
කන්න ලැබෙයි නම් අපිට සල්ලි ලැබෙයි නම් ඕන දෙයක් පවා දෙන්න අපේ නායකයෝ සුදානම් .....
කතෝලික පියතුමන්න්ලා නැහැ නේද? මේ ඔක්කොගෙම වැරැද්දෙන් නේද ඝාතනය සිදුනේ. වගකිවයුතු හැමෝම එකතුවෙලා ගුණධර්ම වලට වඩා මුදල් මූලිකයි කියල ලෝකෙට කියන්න හැදුවට තම තමන්ගේ දුර්වලකම මුදලින් යට කරන්න යාමේ විපාකය විදින්න වෙන්නේ මතු භවයේ බව මහමත් තුමන්ගේ දේශනා අවංකව සම්පිණ්ඩනය කලහමත් ඔප්පුවෙනවා. සියලු ආගම වල ඇති දුර්වල කම් ඒ ඒ සමාජවල පැවති ගුණාත්මක ස්වභාවයට අනුව ඒ ඒ ආගම් බිහිකළ ආගම් නායකයින්ගේ වරද නොවන අතර මුළු ලෝකෙටම ඒ ඒ ආගම නොගැලපෙන බව නොදැන තම තමන්ගේ ආගම් මුළු ලෝකෙටම හරි කියා හිතා කටයුතු කරන අන්තවාදීන් නිසා අද ආගම් යුධයෙන් මිනිස් ගුණ හීන වී මිනිස් ස්වරුපය ඇති අමනුෂ්‍ය දේශයක් බවට මේ ලෝකය පත්වෙමින් නොවෙයිද තිබෙන්නේ. කාල්මාක්ස් ආගම් අබිං යයි කියන්න ඇත්තේ මෙනිසා විය යුතුය. හරි වැරදි වටහා ගන්න අගමක් අව්ශ්‍යද? වෘර්තිය අධ්‍යාපනය සමග සියලු ආගම් හැමෝටම උගන්වන ක්‍රමයක් හදමුද?
ප්‍රතික්ෂේප කරන්න තිබුණ දෙයක්.....
මේ ගොල්ලො අන්තවාදය පතුරවන්න උදව්දීලා දැන් අපිට සල්ලිත් දෙනවා. අපේ මිනිස්සුන්ටත් ලැජ්ජ නැති හැටි..!
බින් අබ්දුල් කරීම් මහතා තව ඩොලර් ටිකක් වියදම් කරලා විගණකාධිපතිවරයෙක් පත්කර මුදල් කොහොමද වියදම් වුනේ කියා සොයා බැලුවොත් හොඳයි නේද? වෙහෙර ගිල්ල මොවුන්ට අග්ගලාව මොකක්ද? මහබැංකුව ගිල්ල මොවුන්ට ඩොලර් මිලියන 5 මොකක්ද?