(යොහාන් භාසුර)
අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්‍ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (11) පැවසීය.
එම ප්‍රභූ පංතිය විවිධ ආකාරයෙන් ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු දිනක නොදැක්ක දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
හදිසි නීතිය යොදා ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති සමාජ මාධ්‍ය ජාලා මර්දනය කරමින් ආණ්ඩුවට විරුද්ධ බලවේග මර්දනය කරමින් සිටින බවත් මර්දනයේ දෙවැනි පියවර ලෙස මුද්‍රිත මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයත් මර්දනය කරන බවත් ඩිලාන් පෙරේරා මහතා කීය.
මැයි මස 9 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ද, ජූනි මස 9 වැනිදා බැසිල් රාජපක්‍ෂ මහතා ද, ජූලි මස 9 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද, අගෝස්තු මස 9 වැනිදා අරගලය ද, ගෙදර යෑම අපේ රටේ පසුගිය මාස හතරේ දේශපාලන ක්‍රියාවලියේ සාරාංශය බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ මැයි 9 වැනිදා පෙරවරු 9.00 ට මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉල්ලා අස්වූයේ නම් එදින වූ ලේ වැගිරීම නොවෙන්නත්, බැසිල් රාජපක්‍ෂ මහත්මයා ජූනි 9 වැනිදා පෙර ඉල්ලා ඉස්වූයේ නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අගමැතිවරයෙක් එක්ක අරගලය ඉල්ලූ සර්ව පාක්‍ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව තිබුණු බවත්ය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජූලි 9 වැනිදා වන තෙක් නොසිට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට සියලු දෙනා ඉල්ලූ අගමැතිවරයෙක් පත්කර සර්ව පාක්‍ෂික ආණ්ඩුව හැදුවේ නම් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් තවමත් රට පාලනය කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥා වසන්ත යාපා බණ්ඩාර සහ වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් සභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිලාන් 94 ඉඳලා බයිලා ගැහුවා. තාමත් ගහනව.
පරණ කුණු අවුස්සා අවුස්සා තමන්ගෙ ඡන්ද වැඩි කරගන්න හදනව. ඒකෙන් වෙන්නෙ ඇතැමුන් චූං වෙන එක. රටට නම් වන සෙතක් නෑ සාමාන්‍ය ජනතාවට පුලුවන් මැතිවරණයේ දී තමන් කැමති අය පත් කරගන්න.
ඉස්පිරිතාලෙදී රාජකාරී සේවය කරන දකින එක්කෙනාට වෛද්‍ය කියන්න. උසාවියේ දකින එක්කෙනාට නීතිඥ කියන්න. පාර්ලිමේන්තුවේ ඉන්න අයට මැති ඇමති මන්ත්‍රී පමණක්ම කියන්න.. මොකද ඔය කියවන උගත්කම පාර්ලිමේන්තුව ඇතුල ඉන්න අයට කොහෙත්ම අදාළ නැත
තාමත් හිතාගෙන ඉන්නේ මේ සියල්ල මෙහෙයවන්නේ මේ රටේ ඔලුගෙඩි කියලද? අපේ සියලු නැටුම් පිටරට බෙරපද වලටයි හලෝ...
අනේ යන්න මහත්තයෝ... විකාර කියවන්නේ නැතුව...
No chance for you in next election.
Can anybody say what is the outcome of this statement ? time wasters
නම නන් දන්නෙ න. එක කලෙ ඔයත් අයිති පන්තියකින්. අනික අරගලෙ කරපු අයගෙන් කීපදෙනෙක් එක විකුනන්කෑව. ඒකයි අැත්ත
Dilan said bitter truths.
පටන් ගත්තේ ගන්නේ අරගලයට අපේ සහයෝගය තිබෙනවා ඔබලාගේ ප්‍රශ්න යෝජනා ඉදිරිපත් කරන්න කියාලා. ෂා යෝජනා නියමයි, ලස්සනයි පාටත් හොඳයි පැත්තකට වෙලා කට හඬ අහන්න සීනුවක් කියන්න. යෝජනා බාර දීල අරගල කාරයෝ ආපසු අරගලයට යන කොට අරගලය තිබ්බ තැනක් සොයා ගන්නත් නැහැ. අරගලකාරයෝම අරගලය හෝදලා දාලා එක තමයි නාකින්ගේ ක්‍රමය.
අනේ නිකන් බයිලා නොකියා ඉන්න ඩිලාන්.. අරගලයෙන් ඔහේලගේ මහ වෘක්ෂය සහ ඒක යටින් හැදිච්චි ගස් තොගයකුත් ගැලවිලා වැටුනා. ඔහෙත් කරන්නේ බලය රැක ගන්න මුක්කු ගහන එකයි. බදුල්ලේ මිනිසුනේ ඔවුන්ට ආයෙත් ඡන්දය දීලා ඩිලාන්ගෝගමක් හදනවාද? නැති නම් අවංක අලුත් නායකයෙක් පත් කරගෙන රටේ ආර්ථිකය ගොඩ ගන්නවාද කියල නැවත හිතලා බලන්න