(රංජන් කස්තුරි)
විදුලිය කැපීමට සිදුවීම සම්බන්ධයෙන් තමා පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදුලි බල , බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.
සොබාදහමේ වෙනස් කම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා ලෙස තමාට කල හැක්කක් නැතැයිද ඇමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
ඇමැතිවරයා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති එම සටහනේ මෙසේද සඳහන් වේ.
‘‘අපට දැන් විදුලිය හිඟයක් පවතිනවා.මට ඒක හංගන්න අවශ්‍ය නැහැ.මණ්ඩලයේ ඉංජිනේරුවෝ විදුලි කප්පාදුවකට යමු කියලා මට කිව්වේ මීට කාලයකට කලින් .ඒත් මමයි ඒක වළක්වා ගත්තේ.දැන් මට එහෙම බලපෑම් කරන්න බැරි මට්ටමකට මේක අර්බුදයක් වෙලා.විෂය භාර අමාත්‍යවරයා විදිහට මම ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.
සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මට කිසිදෙයක් කරන්න බැහැනේ.මම අමාත්‍යාංශය බාර අරන් දින 71 කින් අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.
මේ මට සුදානම් වෙන්න කලින් අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා.ඒ අයට තිබුණා විකල්ප වලට යන්න.ඒත් හැමෝම කරලා තිබුණේ ප්‍රශ්න වලට පැලැස්තර දාපු ඒක විතරයි.මගෙන් පස්සේ එන තවත් කිසිම අමාත්‍යවරයකුට මේ වගේ ප්‍රශ්න ඇති නොවන විදිහට කටයුතු කරනවා ‘‘ යැයිද ඇමැතිවරයාගේ ෆේස්බුක් සටහනේ සඳහන් වේ.
COMMENTS
ඔය විදියට සමාව ඉල්ලන්ට ඇමති කෙනෙක් ඉන්ට ඕනෙද? ඕක මටත් කරන්ට පුළුවන්නේ.
සමාවක් ගත යුත්තේ තමන් හෝ වෙන කෙනෙක් කරපු වැරද්දක් වෙනුවෙන්. ඒක නිසා එම වැරැද්ද ප්‍රසිද්ධියේ කියලා සමාව ගන්න. ඒත් හැම වැරද්දකටම ජනතාව සමාව දේවී යැයි බලාපොරොත්තු වෙනවා නම් ඒක මුලාවක්.
සමාව ඉල්ලන්න එපා ඉල්ලා අස්වෙන්න අපේ සුබ පැතුම්
සමාව ඉල්ලීම මනුෂ්‍ය ගුණයක්. සමාව දීම දේව ගුණයක්. ඒ වුනාට ඇමතිතුමා සමාව ඉල්ලන්නට දක්වන හේතුව මොන තරම් සාධාරණද යන්න විමසිය යුත්තක්… මණ්ඩලයේ ඉංජිනේරුවෝ විදුලි කප්පාදුවකට යන්නට කියල යෝජනා කරන කාලයේ ඔබ නිකම් වීරෝදාර කතා පැවැත්තුවා මතකයි...ඒ කතා දේශපාලනිකයි...ඒ කතා වෙනුවට ජනතාවගේ ගැටළු ගැන හිතල කටයුතු කරලා තිබුණ නම් මෙම ප්‍රශ්නය මේතරම් උග්‍ර වන එකක් නැහැ... තමාට වගකීමක් පැවරෙන්නේ සෙස්සන්ට වඩා තමා හැම අතින්ම උසස් නිසාය කියල හිතාගෙන ඔලුව උදුම්මවා ගන්නවා වෙනුවට පැවරෙන වගකීම නිහතමානීව ඉටුකරන්නට පෙළෙඹෙනවනම් මේ තරම් ගැටළු ඇති වෙන්නට ඉඩ නැහැ ...
දැන් මතක තියනවනේ. ඔය කියන්නේ හිටපු අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා විකල්ප වලට යන්න.
ඔබතුමා කටයුතු කලයුතු වෙන්නේ ඊළඟ ඇමතිට ගැටළුවක් වීම වැලැක්වීමට නොවේ. ජනතාවට ගැටළු ඇතිවීම වැලැක්වීමටයි. ජනතා සේවය එයයි. ඔබතුමාට ජනතා මුදලින් වැටුප් ගෙවන්නේ ජනතා සේවයටයි.
මොහු මිට පෙර බාරව හිටිය කිසිම ආයතනයක්, දෙපාර්තුමෙන්තුවක්, මණ්ඩලයක් ගොඩ අවේ නැති බව සියලුම පුරවැසියන් හොදින් දන්නවනේ. ඉතින් ඒවා මගින් සිදුවුනු සහ රටට වෙච්ච හානිවලට කිසිදින සමාව ගත්තේ නැති මොහු දැන් මේ තකහනියක් මහජනතාවගෙන් සමාගන්නේ යටි අරමුණු සියදහස් ගණනක් තියාගෙන නේද??
කාලෙකට ඉස්සෙල්ල කරුවල ජයසුරියත් ඔය කතාවම කිව්වා. ආයේ කවදාවත් විදුලි අර්බුදයක් එන්නේ නැහැ කිව්වා . කටවල් නම් තියෙනවා
ලැජ්ජාවක් නැති මනුස්සයෙක් මෙයා...
ලොකුම මගඩිය ගැන සමාව ඉල්ලන්නේ නැත්ද?
ඉඩමේ හතර මායිම නොදත් බුරුව මෙමය.. බැංකු,සුවිප්,සතොස ගිල්ලා.. විදුලියටත් "කරන්ට්" වැද්දුවා ..
මට තිබෙන ප්‍රශ්ණෙ සොබා දහම කරන්නෙත් ජනතාව දඩුවම් දෙන එක... ඒත් ඔහුට සොබා දහමෙන් දඩුවමක්වත් නැහැ...
සමාව ඉල්ලා තම ප්‍රතිරූපය ගොඩනගාගන්න උත්සහ කරනවා ඇති. මෙයාල තාමත් හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු රැවටෙනවා කියල. මුළු රටම කාල කාල දැං එනව සමාව ඉල්ලන්න.
වැඩක් කරන්න බැරි හා දන්නේ නැති අය මොනවට තියාගන්නවද? රට විනාස නොකර කරන කෙනෙකුට කරන්න දීල ඉල්ලා අස් වෙනවනම් තමා හොද.
ඊළගට එන කෙනත් කියන්නේ ඕකම තමයි.
හොරු අල්ලන්න ආවේ මෙයාලද?