IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිරිපා වන්දනා සමය ඇරඹෙයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ  අරුණ එස් හේරත්)
මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රී පාද රාජමහා විහාරස්ථානයේ මාස හයක කාලයක් තැන්පත් කරතිබු සධාතුක කරඬු, සුමන සමන් දේව ප‍්‍රතිමා සහ දේවාභරණ 02දා උදෑසන එළඹුන සුබ නැකැත් වේලාවන් තුනක දි මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් සිරිපා මළුව වෙත වැඩම කරවීම සිදු විණි.
ඒ වෙනුවෙන් පවත්වන පරිත‍්‍රාණ ධර්ම දේශනාව 01දා රාත‍්‍රී පැවැත්වුණ අතර එදින රාත‍්‍රී සුමන සමන්දේව ප‍්‍රතිමා සහ දේවාභරණ මහජනතාවට වැඳපුදා ගැනිමට අවස්ථාව සැලසිණි.
පුද පූජාවලින් පසු 02දා පාන්දර 05.01ට හැටන් මාර්ගයෙන් ගමන් ගන්නා රිය පෙරහර කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, යටියන්තොට, ගිනිගත්හේන, හැටන්, මස්කෙළිය හරහා නල්ලතන්නිය කරා ළාගවීමෙන් පසු නල්ලතන්නිය ශ‍්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මලූව කරා පාගමනින් වැඩම කරවනු ලැබීය.
රත්නපුර ශ‍්‍රී පලාබද්දල ඔස්සේ රජමාවතින් ගමන් ගන්නා රිය පෙරහර පෙවරු 06.01ට එළැඹි සුබ නැකතින්පැල්මඩුල්ල, රත්නපුර, මල්වල, ගිලීමලේ, හරහා ශ‍්‍රීපලාබද්දල දක්වා එම රිය පෙරහර ගමන් කරනු ලැබීය.  එතැන් සිට පාගමනින් මලූව කරා පෙරහරින් සධාතුක කරඬුව, දේවරූප සහ දේවාභරණ වැඩම කරවනු ලැබීය.
උදෑසන 07.54ට එළැඹි සුබ නැකතින් පිටත්වු රිය පෙරහර  ඕපනායක, බළන්ගොඩ, ඇල්ලෙඅරාව, පින්නවල, මාරතැන්න බගවන්තලාව, නෝර්වූඞ්, මස්කෙලිය හරහා නල්ලතන්නියට ළඟවීමෙන් පසු පාගමනින් මලූව කරා පෙරහරින් සධාතුක කරඩුව, දේවරූප සහ දේවාභරණ වැඩම කරවනු ලැබීය.



අදහස් (0)

සිරිපා වන්දනා සමය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site