(දයාරත්න ඇඹෝගම)
මහනුවර සිදුවු ජාතිවාදි කලබල සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මහසොහොන් බළකායේ නිර්මාතෘ සහ නායක අමිත් වීරසිංහ නමැති අයට බන්ධනාගාර රෝහලේදී පසුගිය 24 වැනි දා ඖෂධවේදියකු විසින් සිදු කළ පහර දීමකින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
මහසොහොන් බළකායේ නායක අමිත් විරසිංහ යන අයගේ බිරිඳ වන ඩබ්.ජි.සිතුම් කුමාරි (25) පසුගිය දින මහනුවර සිට සිය සැමියා බැලිමට අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදි අනාවරණය වී ඇත්තේ සිය සැමියා කිසියම් අයකුගේ පහරදිමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවකි.
ඒ අනුව සිය සැමියා බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය ඇය පසුගිය 24 වැනි දා උණ රෝගයෙන් පෙළිම නිසා ප්‍රතිකාර ගැනීමට බන්ධනාගාර රෝහලට ගිය අවස්ථාවේදී සිදුවු බහින් බස් විමක් දුරදිග යාමෙන් එහි සේවයේ නියුතු ඖෂධ සංයෝජක නිලධාරියා විසින් තම සැමියාට පහරදි ඇතැයි අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබිණි.


COMMENTS
ඖෂධ සංයෝජක නිලධාරියාට උසස් වීමක් සමග වැටුප් වර්ධකයකුත් ලබා දෙන්න වටිනවා
ඖෂධ වේදියාට රෝගියෙක් එක්ක රඬුසරුවල් වෙන්න තරම් රාජකාරීමය සමීප සම්බන්ධතාවයක් තියෙන්න පුලුවන්ද?
ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුත. මෙවැනි පුද්ගලයන් රැකියාවෙන් ඉවත් කර නීතිය ක්‍රියාත්මක විය යුතුය. අප විමසිල්ලෙන් .
සිංහලයා විනාස කරන්නේ සිංහලයාමය. ඒ විනාස කෙරිල්ල අනික් ජාතීන් සිනහවෙන් බලා සිට ඉතිරිවෙන සිංහලයින්ව සුළුජාතීන් විසින් විනාස කරනු ඇත.
කවුරු කවුරුත් ප්‍රවේශමෙන් වැඩ කරයුතු කරොත් හොඳයි . මොකද බලය කියන එක එහාට මෙහාට දෝලනය වෙන එකක් .
මොකක්ද? නීතිය
රට ජාතිය ආගම ගැන කතා කරන්න ගියහම දැන් වෙන දේ................
මහසෝන් බලකායේ නායකයාට තව බලකායක් දෙන්න වටිනවා. ඔබට ජය
යක්කු බැඳගත්තාම ඔහොම වෙනවා.
මේවා තමා සංහිදියාව නැති කරන්නේ. මොහු වරදක් කලානම් දඬුවම් දෙන්න. හැබයි හැම ජාතියකටම එක විදියට නීතිය ක්‍රියාත්මක කරන්න. නුදුරු දිනකම මෙය නිවැරදි විය යුතුමයි.
යුද්ද කාලේ ඔය මොන බලකයක්වත් අවේ නැහැ. යුද්ද කරන්න. දැන් බොරුවට හිතට අරන්.
මහසෝනා නොව රීරියකා වුනත් බන්ධනාගාර රැදවියකුට පහරදීමට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. නිතිය ක්‍රියාත්මක කරන්න.