
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නීතීඥවරියක වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් මහත්මියට එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ විනිසුරු පදවියක් හිමිව තිබේ.
අයේෂා මහත්මිය නීතීඥවරියක මෙන්ම වෘත්තියෙන් වෛද්‍යවරියක්ද වේ. එපමණක් නොව ක්‍රවුන් අධිකරණයට තේරී පත් වූ ලාබාලතම සුදු ජාතික නොවන කාන්තාවද වේ.
එක්සත් රාජධානියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් වන අභියාචනා ක්‍රවුන් අධිකරණයේ විභාග කරනු ලබයි.
ක්‍රවුන් අධිකරණයේ විනිසුරු ධුරය ලබා ගැනීමට ප්‍රථම විභාග දෙකකින් සමත් වීම අත්‍යාවශ්‍ය කරුණකි.විභාග දෙකකින් සමත් වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අවසානයේ රජතුමාගේ හෝ රැජිනගේ අනුමැතිය ලබා ගැනීමද අත්‍යාවශ්‍ය වේ.
අයේෂා මහත්මිය 2014 වසරේදී නිඩර් ඩේල් ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත.අනතුරුව ලීඩ්ස් සරසවියෙන් ඇය වෛද්‍ය උපාධිය ලබා ගෙන තිබේ.
COMMENTS
ලංකාවේ මිනිස්සුන්ගේ හීනමානය කොතරම්ද කියනවා නම්, කොහේ හෝ තැනක උසස් තත්වයකට පත්වූවන්ට නෑකම් කියන්න නම් හරිම හපන්නු. තමන්ට නැති වටිනාකම් හෝ වැදගත්කම් අනුන්ගේ මාර්ගයෙන් ලබා ගන්න නොගන්න උත්සාහයක් නැහැ. අනික මේ කාන්තාවගේ පියා එංගලන්ත ජාතිකයෙක්. අර මැදපෙරදිග රටවල දහදුක් විඳින කාන්තාවන්ට නෑකම් කියන්න නම්, බල්ලෙක් වත් නැහැ. මොනා උනත් ලංකාවේ විනිසුරු වරුන්ට නම් ආදර්ශයක් වෙයි ඇය...?
සම්භාවේ කියන්නේ ලංකාවේ ඉපදුනු කෙනෙක්ද ?නැතිනම් කිරි අත්තාගෙන් පස්සේ හැමෝම එංගලන්තේ ඉපදුනු කට්ටියද?
මොන තනතුර ලැබුණත් වර්ණ භේදය අවසන් වීම සිහිනයක්,මොන තරම් නම් අපහාසයක් දරාගන්නවද!
නමේ මුල් කොටස විතරයි ලාංකික. සම්පූර්ණ මනුස්සයාම ඒ රටේ. අපිට ආඩම්බර වෙන්න දේවල් නැති නිසා හොඳයි මේවා
ලංකාවේ ලමයි පිටරට යවල උගන්වන දෙමාපියන් ලමයාගෙ අධ්‍යාපන වැය ලෙස ආදායම් බදු දෙපාර්තුමේන්තුවට ඉදිරිපත්කලාම එය පිලිගන්නෙ නැතිබවත්, ලංකාවෙ ඉගෙනගන්න දරුවන්ගේ වියදම පමණක් වලංගුබව වරලත් ගණකාදිවරයා මාව දැනුවත් කලා. එහෙත් ලංකාවෙ දරුවෙක් පිටරට හිගිං ජයගත්විට ලොකුවට ලංකාවෙ ආඩම්බරයක් ලෙස පත්තරවල දාගන්නව. දෙමාපියන් හමගිහින්පාරට වැටුනත් උජාරු පුරම්බාරුවටනම් අත උස්සනව තුක්.
වෙල් ඩන් .අයේෂා පට්ට ලස්සනයි
අයේෂා ඔයා? වයස 34 වෙනකොට විනිසුරු පදවිය හා වෛද්‍යවරියක්ද වෙනව. එකට අපෙ එකි, 36 වයස. බැදලත් නහැ. හරි හමන් රස්සාවකුත් නහැ. අපෙන් කකා ගෙදරට නාකි වෙනව. හබැයි ඉතින් මහින්ද මහත්යා රට හදුවම ඔය ප්‍රස්ණ ඔක්කොම විසදෙනව. ඇනික මෙයා ආගමට දහමට ලැදි කෙනෙක් වගෙ නෙවි. කොන්ඩෙ කොටට කපල පොඩ්ඩක් මලකඩ පාටකුත් තියෙනව. ඇපෙ එකි නම් අගමට, දහමට, හෙළ සිරිතට විරිතට හැදිච්ච එකි. කොන්ඩෙ බිම ගවෙන්න දිගයි.
ඇය ශ්‍රී ලාංකික නොවේ. හුදෙක් නොමඟ යවන මානසිකත්වය..ශ්‍රී ලංකන් අම්මයි තාත්තයි දෙමව්පියෝ වෙන්න පුළුවන්.ඒකෙන් අදහස් වෙන්නේ ඇය ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි. අපි සිහින දකින්නේ මෙයයි. .
සුභපැතුම් !!!!
සුබ පැතුම්