IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි.

මෙසේ නිකුත් කළ පැරණි රියදුරු බලපත්‍රයක් සඳහා  රුපියල් 10,000 ද, නව මාදිලියේ  විද්‍යුත් රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000 මුදලක් ද අය කර ඇති බව පොලිසිය කියයි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ට මෙසේ නිකුත් කළ  රියදුරු බලපත්‍රය ලබා දී මුදල් ලබා ගෙන ඇතැයි ද පැවසේ.

සැකකරු  වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ  කච්චේරිය ඉකුත් 26  දා කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි.

පසුව එහි තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 61 ,ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 5 ක්,බැංකු කාඩ් පත්  14 , ලැප්ටොප් පරිගණකයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන යන්ත්‍රයක්,රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා භාවිතා කෙරෙන චිප් ඇතුළත් කාඩ් 925 ක්,ව්‍යාජ රබර් මුද්‍රා දෙකක්, ජංගම දුරකථන 15 ක්,සිම්පත්  40 ක්, රුපියල් ලක්ෂ 20ක ස්ථාවර තැන්පතු රිසිට් පතක්, සහ,වාහන දෙකක්, සමඟ සැකකරුවන් පස් දෙනෙකු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායී පොළියට රජයෙන් ණය මුදල් ලබා දෙන බවට ජනාධිපති කාර්යාලයෙ නිවේදනයක් ව්‍යාජ ලෙස සකස් කරමින්  අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කොට  කෝටි ගණනක් මුදල් උපයා ගත් බවට සැක කරමිනි


එහෙත් එම  අවස්ථාවේදී කච්චේරිය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු අතර පසුව සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අද (10 ) සවස රාජගිරිය ඔබේසේකරපුර මහල් නිවසක සැඟව සිටියදී මෙසේ අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මෙම ජාවාරම සඳහා සැකකරුගේ පුත්‍රයා සහ නාරාහේන්පිට පිටබැද්දර  ප්‍රදේශවල පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධ  බව පොලීසිය පවසයි.

එලෙස නිකුත් කරන ව්‍යාජ රියදුරු බලපත්‍ර උපයෝගී කොටගෙන  ,බැංකු ගිණුම් අරම්භ කර ඒ හරහා විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටින් ලබා දෙන බවට පොරොන්දු වූ ණය මුදලෙන් සියයට දහයක්,ගෙන්වාගෙන,එම මුදල් බැංකු කාඩ්පතකින් ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි.

එසේ අගතියට පත්  කිරුළපන පොලිස් වසමේ කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ජාවාරමේ සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව  ලැබුණු බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම 2019 වසරේ සිට සිදු කරගෙන විත් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පසුගිය කොරෝනා වසංගත සමයේදී පමණක් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 පමණ නිකුත් කොට ඇති බවත්  පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු හෙට( 11) අලුත්කඩේ අංක 3 ,අධිකරණයට ඉදිරිපත් කොට, දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිසිය පැවසීය.



අදහස් (1)

ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

Ananda Tuesday, 11 August 2020 05:44 AM

ලංකාවේ පාරවල්වල හැමදාම අනතුරුවීම පුදුමයක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site