IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


සුනාමි අවදානම් පෙරහුරුව හලාවතදී අසාර්ථක වෙයි

ජුඩ් සමන්ත

සුනාමි අනතුරු හැඟවීමේ පෙරහුරුව අද (05) පස්වරුවේ පැවතියත් එය හලාවත ප්‍රදේශයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවක් දක්නට නැත.

පස්වරු 2.05 ට පළමු අනතුරු හැඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවට පූර්ව දැණුම් දීම් කර තිබුනත් පළමු නිවේදනය නිකුත් වූයේ පස්වරු 2.26 යට. ඒ වන විට හලාවත වෙරළ තීරය තුළ විශාල සංචාරකයින් පිරිසක් රැස්ව සිටියත් ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරයක් දක්නට නොලැබුණි.
 
පසුව පොලිස් නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් මේ බව රැස්ව සිටි පිරිසට කියා සිටියත් බාහිර ප්‍රදේශ වලින් පැමිණ සිටි ඇතැම් පිරිස් ඉවත්ව ගියත්, ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිටි පිරිස ඒ ආකාරයටම රැදී සිටින බවක්ද දක්නට ලැබුණි. 
 
සුනාමි නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ජනතාවට රැස්විය හැකි ආරක්ෂිත ස්ථානය ලෙස හලාවත ආසන දෙව්මැදුර නම් කර තිබුණි.එම ස්ථානයේ හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා සහ සහන නිලධාරීන් රැදී සිටියත් වෙරළ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින්ගෙන් ආරක්ෂිත ස්ථානයට පැමිණ සිටියේ අතලොස්සක් පමණි.
 
සුනාමි අවදානමක් ඇති බවට නිවේදනයන් නිකුත් කර ඇති විටෙක මුහුදු වෙරළ ආසන්නයෙන් ඉවත් නොවන්නේ මන්දැයි විමසූ විට එහි සිටි තරුණයෙකු කියා සිටියේ එවැනි අවදානමක් ඇත්නම් පළමුව ඉවත් වන්නේ සතුන් බවත්, තවමත් සතුන් වෙරළ තුළ රැදී සිටීම නිසා අවදානම් තත්ත්වයක් පිළිබදව විශ්වාස කළ නොහැකි බවයි.



අදහස් (10)

සුනාමි අවදානම් පෙරහුරුව හලාවතදී අසාර්ථක වෙයි

Praba Sunday, 05 November 2017 01:26 PM

අප කෙතරම් වගකීම් විරහිත ජාතියක් හැටියටද මේ කටයුතු කරලා තියෙන්නේ...

:       1       183

Lapaya Sunday, 05 November 2017 01:34 PM

යහපාලනේ කරපු එකම එකයි සාර්ථක වුණේ. ඒ මහ බැංකුව සුද්ද කරපු එක. අනිත් සේරම අසාර්ථකයි තමයි.

:       160       1180

aravinda Sunday, 05 November 2017 02:55 PM

මෙවැනි පෙරහුරු පැවැත්වීමේ අරමුණ, සත්‍ය වශයෙන්ම සුනාමියක් පැමිණිවිට ගත යුතු ආරක්ෂාකාරී පියවරවල් ගැන මහජනයා දැනුවත් කිරීමයි. එබැවින් මෙවැනි පෙරහුරුවලට සහභාගී වීම. මේ ප්‍රදේශවල පදිංචිව සිටින මිනිසුන් තමන්ගේම යහපත සඳහා කල යුතු දෙයකි. එවැනිදේට සහභාගී නොවීම රජයේ වරදක් නොව, මිනිසුන්ගේ මෝඩ කමකි.

:       0       323

wije Sunday, 05 November 2017 04:21 PM

මේවා සාර්ථක වෙන්නනම් ඇත්තටම සුනාමියක් එන්නම ඕනා.

:       1       70

thilina Sunday, 05 November 2017 05:02 PM

අපේ රටේ සමහරක් අය ගෝත්‍රික මානසිකත්වයෙන් කවදා නම් මිදෙයිද?

:       0       93

tharanga Sunday, 05 November 2017 07:33 PM

මෙවගේ අය ඉන්න කොට රටවල් හැදෙයිද?

:       0       0

de silva Sunday, 05 November 2017 10:42 PM

සුනාමිය බලන්න වෙරළට වෙලා ඉන්න ජාතියේ මිනිස්සු මෙහෙ ඉන්නේ

:       0       2

bamunuarachchi Sunday, 05 November 2017 11:53 PM

මෙහෙව් ජාතිය තමයි මෙරටේ ඉන්නේ කියා අපිනම් දන්නවා.

:       0       0

නිර්මලා Monday, 06 November 2017 03:23 AM

මෙහෙම තව පාරක් නලාව නාද කළානම්..... කවදා හෝ ආයේ සුනාමි ඇත්තටම ඇවිත් නලාව නාද වුනත් මිනිස්සු නෙමේ හෙල්ලෙන්නේ.

:       0       4

thusharasa-Qatar Monday, 06 November 2017 06:52 AM

මිනිසුන්ගේ නොසැලකිල්ල.. ඒත් මේ මිනිස්සු එදා වෙලා හම්බු කර ගන්න යුද්දයක් කරන්නේ.. කරවල් මාලු ටික දාලා දිව ගියොත් එනකොට ඒක හොරු අරන්.. ඉතින් නොගිය එකත් සාධාරණයක් තියෙනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site