(දයාරත්න ඇඹෝගම)
ධාතුසේනපුර කලාවැව දියවර ගම්මානයේ අද (06) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලාවැව විජිතපුර පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.
ඩෙටනෙටස් 145 ක්,වෙඩි බෙහෙත් සහිත සේවා නුල් මීටර් 786 ක්,ජෙලිග්නයිට් කරල් 243 ක්,වෙඩි බෙහෙත් කිලෝ 12 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝ 36 යි ග්‍රෑම් 600ක් පොලිසිය විසින් අත්අඩංගුවට සොයාගෙන තිබේ.
සැකකාර මුස්ලිම් ජාතිකයා හෙට 07 කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - කුෂාන් ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාටත් ඇප දෙයි.
නඩු අහන තැනක පිපිරෙනකම් ඇප ලැබේවි
නිකන් බොරුවට මහන්සි වෙන්න එපා. ඔන්න ඔය මනුස්සයව ඇත ඇරලා දාන්න දැන්මම. උසාවි දැම්මත් ඕකම තමා වෙන්නේ.