( පුෂ්පකුමාර ජයරත්න )
වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි හිමිනමක් ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව වාරියපොළ පොලිස් කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා පැවසීය.
වාරියපොළ පොලීස් ස්ථානය තුළදී පොලිස් පරීක්ෂකවරයකුට බැණ තර්ජනය කර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය එම විහාරාධිකාරි හිමිනම අැතුළු තිදෙනා මේවනවිට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවද සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය .
නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමසීමට පැමිණි හිමිනම පොලිස් ස්ථානය තුළදී පොලිස් පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කර ඇතැයිද ඉන් පසුව හිමිනම පැමිණි පිරිසක් පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඇතැයිද පැමිණිල්ලේ සඳහන් වේ .
නීති විරෝධි මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් මේවනවිට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයාගේ සොයුරෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු එක්ව පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඇතැයි පැවසෙන අතර පහර කෑමට ලක්වූ එම නිලධාරියා මේවනවිට නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි .
COMMENTS
පොලිසියට ඇවිත් ගහල යනකන් පොලිස් නිලධාරීන් මොනවද කලේ ? දැන් බොරුවට හොයනවා..!
මෙන්න හාමුදුරුවන් වහන්සෙලා හිරගත කරන්න හදනවෝ...!!!
මේ රටේ මහා අපූරු දේවල් වෙනවා. පොලීසිය ඇතුලට ඇවිත් නිලධාරියකුට පහරදීල බැනල යන්න චීවර ධාරියෙක් ඇතුළු නඩයකට පුළුවන් වුණා... පොලිස් බැටන් පොලු , ආයුද තිබුනේ කොස් කොටන්නද කියල හිතෙනවා... ඔතන හිටියේ මම නම් එල්ලුම් ගස් 7 ක ගියත් තියනවා ඔලුව කුඩු වෙන්නම. මොනවා උනත් මේ පොරක් වෙන්න ගිය චීවර ධාරියගේ වොයිස් කට් එකක් මාධ්‍ය ජාල වල තියනවා...
මොකක්... අර පොලිසිය ඇතුලේ ඩෙගා නටපු කෙනා අල්ලගන්න බැරිවුණා ...
සිවුර ගලවල මහනායක හාමුදුරුවන්ට තැපෑලෙන් යවල, තමයි කුඩුවේ දාන්න තියෙන්නේ. නැතිනම් කුඩුවේ ඉන්න කසිප්පු කාරයින්ටත් අපට හාමුදුරුවනේ කියන්න වෙනවා...
ඔහු අයත් සංඝසභාව කුමක්ද? සිවුරු හරවා ගෙදර යැවිය යුතුයි. සිවුරු හැරියොත් ඒ කසිප්පු මුදලාලිගේ මැනේජර් වැඩේ කරගෙන ඉඳියි. මෙවන් අය නිසා අපට සමාජයෙන් එල්ලවෙන පීඩාව එමටයි.
මෙම භික්ෂුවගේ හැසිරීම වාරියපොළ ශ්‍රී සුමංගල හිමිට කල නින්දාවක් . පොලිසිය මෙම තත්වයට පත් උනේ කොහොමද? මහා නායක හාමුදුරුවරු මහන කල ගුරු හාමුදුරුවරු නිහඬව ඉන්නේ මොකද? මෙවැනි සඟුන් හට බුදු දහම සහ එහි ඇති දර්ශනය පහතට දැමීමට ඉඩ දෙනවාද? නැතිනම් නීතිය හරියට ක්‍රියාත්මක කරනවාද?
සමාජයට සාපයක් වූ නීති විරෝදී වැඩ කිරීමට අනුබල දෙමින් බුදු දහමට නිගා කරන සහ සාසනයේ පිරිහීම ඇතිකරන මෙවැනි හිමිවරුන් සාසනයේ තබා ගැනීම පිළිබඳව මහනායක හිමිවරුන් දැඩිව සිතා බැලිය යුතුයි. මෙවැනි ක්‍රියා බොද්ධයන් වූ අපද ලජ්ජාවට පත්කරයි.
මොන පරීක්ෂණද...? ඔය පුද්ගලයා ආයේ පන්සලට ආවොත් අපි ඌව අල්ලාගන්නම්. අල්ලලා පන පිටින් හම ගහනවා....!!!
දුෂ්ශීලයන් එළවා දැමිය යුතුයි. හාමුදුරු කෙනෙක්ට, කසිප්පුකාරයන් වෙනුවෙන් පොලීසී යනවට වඩා දහස් ගුණයක් වැඩ මේ දිනවල තමන්ගෙ ශ්‍රාවකයෝ වෙනුවෙන් තියෙන්න ඕනෙ. හැබැයි පොලිස් පරීක්ශකට පොලිසිය ඇතුලෙදි ගැහැව්වා කියන එකනම් බොරුවක් ...අපි නොදන්න පොලිසිය.