IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිසිදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තරඟ පාවාදී නෑ - තිලංග සුමතිපාල

(නිමල කොඩිතුවක්කු)

පසුගිය වසර 10ක කාලය තුළ කිසිදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තරඟ පාවාදී නොමැති බවට තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා අද (04) කොළඹදී පැවැසීය.

දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ මුවාවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ  රටේ ගෞරවය පිළිබඳ තැකීමකින් තොරව ක‍්‍රිකට් ක‍්‍රීඩාව  දූෂිතයි කියා ක‍්‍රිඩා අමාත්‍යවරයා සිදු කළ ප‍්‍රකාශය හෙලා දකින බවද  සුමතිපාල මහතා සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 යේ කණ්ඩායම පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවත් වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා මෙසේද කිය.

    ‘‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දූෂිත බව පිලිබඳ  ෆයිසර් මුස්තාෆා මහතා ප‍්‍රකාශ කරලා තියෙනවා.  අපේ ක‍්‍ර‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිසි කෙනෙක් ගිය අවුරුදු  10 දී කිසිම තරඟයක්  පවා දුන්නෙ නැහැ කියලා මම වගකීමෙන් කියනවා. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ හෝ ලංකාවේ  ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් එහෙම වාර්තා වෙලා හෝ සාක්ෂියක් හෝ ලැබිලා නැහැ.

රුපියල් බිලියන 04ක ණයක්  තිබුණ ක‍්‍රිකට් පාලක මණ්ඩලයක් අපි භාර ගත්තේ. අපි  බිලියන 2.5ක තැන්පතුවක් තියලා තියෙනවා. එහෙම තිබුණ  ආයතනයක් සහ ක‍්‍රීඩකයින් ෆයිසර් මුස්තාෆා මහතා උස්සලා පොලවේ ගහනවා.

අල්ජසීරා ආයතනය අපිට දිගින් දිගටම  පාවාදිම් ගැන චෝදනා කළා. එම  වීඩියෝ ඔවුන් අයි. සී. සී එකට දුන්නේ නැහැ. ඔවුන් යුද්ධය ගැන අල්ලගෙන 2012 දි අපේ රටටත් මේ වගේ පහර දුන්නා.

අපේ ක‍්‍රීඩකයන් ගැන හිතන්නේ නැතුව රටේ ගෞරවය ගැන හිතන්නේ නැතුව ක‍්‍රිඩාව දූෂිතයි කියලා ක‍්‍රීඩා ඇමතිතුමා කියනවා. දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න මේ කරන කැත වැඩ අපි හෙලා දකිනවා’’ යැයිද ඔහු පැවැසීය.



අදහස් (8)

කිසිදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු තරඟ පාවාදී නෑ - තිලංග සුමතිපාල

Lalith Thursday, 04 October 2018 08:29 PM

අනේ මන්ද, කට්ටියනම් කියන්නේ ක්‍රීඩකයන් කෙසේ වෙතත් මණ්ඩලය නම් දුෂිතයි කියලා.

:       0       1

Chandana Thursday, 04 October 2018 11:17 PM

ඒ උනාට ක්‍රිකට් වලින් මහාපරිමාණයෙන් හොරකම් කරපු පාලකයෝ හිටියා නේද? ලංකාවේ ක්‍රිකට් විනාශ කරපු අය ගොඩක් ඉන්නවා..

:       0       0

විමුක්ති Friday, 05 October 2018 01:58 AM

ඔව්. සියළුම තරඟ පාවාදීම් කරන්නේ මා පමණයි

:       0       0

latha Friday, 05 October 2018 02:02 AM

අයිසීසී කියන්නේ ලෝකයේ දුෂිතම ආයතනය කියලා .බොරු කියන්න එපා. ලැජ්ජා නැද්ද?

:       0       0

nimal Friday, 05 October 2018 03:23 AM

අපේ ප්‍රශ්නය ක්‍රීඩකයෝ නෙමෙයි.., ඔබයි. ඔබ අාවට පස්සේ තමයි ක්‍රීඩාවට හැම ප්‍රශ්නයක්ම අාවේ. ඔට්ටුව දන්නේ ඔයා.

:       1       0

KRIS Friday, 05 October 2018 03:37 AM

දී කිරට බළලුත් සාක්කි කියන්නේ මේවට තමා

:       1       4

Shan Friday, 05 October 2018 05:43 AM

එක්කෝ මුන්ට පිස්සු, නැත්නම් මේ වගේ මෝඩ කතා දාන උන්ට පිස්සු. වගකීම් ගන්නම පුළුවන් මිනිහා.

:       0       32

Hafeel Friday, 05 October 2018 07:09 AM

අනේ මේ දෙදනා මේ රටේ ඉතා පිරිසිදු දේශපාලන චරිත දෙකක්. මේ දෙදනාට කිසිම චෝදනාවක් නැහෙ.

:       34       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site