IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිවියකු සපා කෑ දරුවකු පුත්තලම රෝහලට

( එච්. චන්දන )

විල්පත්තුමායිමේ ඇති පළුලහතුරේ ප්‍රදේශයේ ධීවර රැකියවේ නියැළුණු ධීවරයකුගේ හය හැවිරිදි දරුවකු දිවියකු සපාකැමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

කල්පිටියේ පදිංචිකරුවන් මොවුන් මේ දිනවල පාසල්ද නිවාඩු නිසා ධීවර රැකියාවට සිය පවුලම පළුලහතුරේ ප්‍රදේශයට ගොස් තිබේ.

පවුලේ 05 දෙනාම පැල්පත් තුල එකට නිදාගෙන සිටින විට තම දරුවාට දිවියා සපා කා , තුවාල කර පලා යන ආකාරය පියා දුටු බව දරුවාගේ මව පැවසුවාය.

අද 09 දා අලුයම 1.30 පමණ දිවියා මෙම දරුවාව සපාකා තුවාල සිදු කර ඇති අතර එතනින් බොට්ටුවකින් කල්පිටිය රෝහලට පැමිණි බවත් වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට එවා ඇත.



අදහස් (7)

දිවියකු සපා කෑ දරුවකු පුත්තලම රෝහලට

SL Thursday, 09 April 2020 04:53 PM

කෝ අර විල්පත්තුව සුද්ද කරපු එකා !

:       3       156

Dil Perera Thursday, 09 April 2020 06:29 PM

දිට්ඨධම්ම වේදනීය කම්ම... විල්පත්තු සුද්ද කරපු කෙනාට කොරෝනා හැදිලාලු.

:       4       138

kamalFriday, 10 April 2020 08:24 AM

එයා චන්දෙන් පස්සෙ ඇමැති කෙනෙක්...

:       0       0

viya Thursday, 09 April 2020 06:46 PM

අනේ මේ දරු පැටියා ඉක්මනට සුවපත් වේවා !

:       1       289

namal Friday, 10 April 2020 03:29 AM

පව් කළාම පඩිසන් දෙනවා..

:       27       0

Champa Friday, 10 April 2020 05:37 AM

අයියෝ මේ දරුවා මේ තරමින් බේරුනා ඇති. දිවිය කරන්නේ බෙල්ලට පැනල බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන යන එක. එක තත්පර ගානයි යන්නේ. පව් මේ දරුවාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

:       0       25

anil Friday, 10 April 2020 08:49 AM

අනේ මේ දරු පැටියා ඉක්මනට සුවපත් වේවා !!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site