(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දැමිය හැකි බව පැවසූ සභාපතිවරයා සියල්ල තීරණය කෙරෙන්නේ අධිකරණයේ මතය අනුව බවද ප්‍රකාශ කළේය.
නීතීඥ නිමල් පුංචිහේවා මහතා මෙසේද සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැත්තෑ පහේදී ඡන්ද නොතියා ආණ්ඩුවේ කාලය පනතක් මගින් අවුරුදු දෙකක් දික් කරගත්තා. ජේ ආර් ජයවර්ධන මහත්තයා අතුරු මැතිවරණයෙන් ඉහළින්ම දිනූවා. පස්සේ හැත්තෑ හතේදි අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ අසූ දෙකේදී ජනමත විචාරණයක් ගෙනැල්ල ඡන්දය කල් දැම්මා. ඔහු ඊට පස්සේ මැතිවරණයේදී පරාද වුණා. ඡන්දයට බය අයට ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනවා. ඉතිහාස සාධක එය ඔප්පු කර තිබෙනවා. මේ පාරත් එවන්නක් සිද්ධ වෙන්න පුළුවන්.මගේ අදහස ඒකයි.
සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දාන්න පුළුවන්. නමුත් තවත් අයට එහෙම තත්වයක් නැහැ කියලා අධිකරණයට යන්නත් පුළුවන්.
කොහොම නමුත් අධිකරණයේ තීරණය මත තමයි සියල්ල තීරණය වෙන්නෙ.
COMMENTS
මැතිවරණ කල් දැම්මත් නැතත් ජනතාව ලොක්කව කුණු කූඩෙට දාලා බොහා් කල් වෙනවා.
Oh yes. Composed bin. !!!!!!
දැන් සිටින පාලකයන්වනම් ජනතාව කුණු කූඩෙට දාලා බොහෝ කල්. නමුත් මෙයාට පෙර සිටි, ඒ වගේම කුණු ගොඩක් වූ ජනාධිපති, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙයාව කුණු කූඩෙන් එළියට ගත්තා. එයා දැන් රටම වනසනව.
අද ජනතාව එදා වේල කන්න විඳින දුක් ගැහැට අනුව එජාප, පොහොට්ටු ,ශ්‍රීලනිප ඔක්කොම නැතුව යනවා. ඉතිරි වෙන්නෙ සජබ හා ජාජබ පමණයි කියලා කියන්න පුළුවන්.මෙයිනුත් මෙතෙක් රට කාපු විනාශයට පත්කල එවුන්ට දඩුවම් දීම ප්‍රතිපත්තියක් කරගන්නා අයට තමයි ලංකාවෙ පාලනය හිමිකම් ලැබෙන්නෙ.
JVP එකට ජයවේවා
මැතිවරණ කල් දාන පාලකයින්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයිලු. ඒක වෙනම කතාවක්. නමුත් ඡන්දෙ තියන්න රටේ සල්ලි නැතිනම් අපට බෙහෙත්, ඉන්ධන ගෙන්වන්න තිබෙන සල්ලි ඡන්ද තියන්න වියදම් කරන්නද? අනික් කාරණාව දැන් අනිකුත් පක්ෂවලට උවමනා කර තිබෙන්නේ රට යහමගට එන්න කලින් තමන්ගේ බලය පෙන්වන්න. බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේ රටේ මුදල් සම්බන්ධව හොඳ විග්‍රහයක් කරනවා. එය ඇසුවාම රට ගැන බලාපොරොත්තු ඇති වෙනවා. එය ඒ කතාව කියන්නේ විරුද්ධ පක්ෂයේ හර්ෂද සිල්වා හකීම් වැනි මන්ත්‍රීලා ඉදිරිපිට... 2021 බිලියන 380 සල්ලි අච්චු ගහපු රටේ 2022 අච්චු ගහල තිබෙන්නේ බිලියන 40යයි. රට හොඳ අතට යනවා. ඒ යනතුරු ඡන්ද තියන්න දෙන්න එපා.