ශ්රී ලංකාවේ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට චීන රජය එකඟතාව පළ කර ඇත.
ත්‍රස්තාවදය ශ්‍රී ලංකාවෙන් තුරන් කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහිතක වී ඇත.
නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපතිවරයා අද (14) නිල වශයෙන් මුණ ගැසුණු බව ද එහිදි එම කරුණු සාකච්ඡා කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා මෙහිදි කැමැත්ත පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් යන මහත්වරුන් දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත.
දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් එහිදි නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවට ලක්ව ඇත.
අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමට සහ එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙහිදි චීන ජනාධිපතිවරයාට පවසා ඇත.
එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහාය ලබාදීමට චීන ජනාධිපතිවරයා එහිදි එකඟතාව පළ කර ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද පවසා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් පිරිසක් සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055




(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟාකන්න පණ තියෙනවා.. නමුත් පිරිමියෙක් වගේ හැසිරෙන්න පණ නැහැ.
මෙතරම් රටේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙද්දි සනුහරේ එක්ක හිඟමනේ ගිහින් වගේ....
හිඟාකන්න ලෝකේ වටේ යනවා.
හුරේ...!!! මෙහෙනුත් සල්ලි ලැබුණා. දෙනකොට දෙන දෙයියෝ හොම්බට ඇනඇන දෙනවා කියන්නේ මේවට තමයි. දෙමව්පියන් කුඩාකළ රථ කල්කය නිසිලෙස ලබා නොදුන් නිසා "රථ ගාය ඔලුවටම ගසා" තියන රිලව් 225 මාත් ඇතුළුව දැන් දැන්ම අවශ්‍ය යාන වාහන අැණවුම් කර ගන්නවාලා. තව බොහොම ටික කලයි තියෙන්නේ. ප්‍රමාද වී පසුතැවිලි නොවෙනු...
කතාව නම් සිංහයා වගේ. ණයක් ගන්නනේ දුවලා තියෙන්නේ... වෙඩි නොවදින වාහනවලට විතරද මහා භාණ්ඩාගාරයේ සල්ලි තියෙන්නේ...?
බොරු ප්‍රචාර නෙවෙයි රටම කන පිට ගැහුවාම පෙන්නුම් කළ බූරු දේශපාලක ප්‍රතිචාර ගැනයි අපේ කණගාටුව... මේ සමාජ මාධ්‍ය ජාලා පස්සේ එලවන විගඩම් නෙවෙයි. රටේ සාමාන්‍ය පුරවැසියාට මොකද වෙන්නේ කියලා සොයා බලන්න... බුද්ධි අංශවලට විතරක් බුද්ධිය තිබිලා මදි... රටේ ලොකුම තැන් බුදියාගෙන නැගිටින කොට රට ඉවරයි...
සල්ලි කරගෙන දිරවා ගන්න බැරි වෙනකොට රට විකුණපියව් චීනාට... කාලකන්නි ....!!!
ඒ පාර මොනවාද චීනෙට වික්කේ...?
ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ රටක් කිව්වට හිඟන රටක් වෙලානේ...
මේවාත් පසුවෙනකොට ණය මුදල් වේවිද කවුද දන්නේ?
රුපියල් කොටි 260 ජනපතිගේ මාස කීපයක වියදමටවත් ඇතිද. පරිත්‍යාගයක් නිසා එත් ඇති කියල හිතමු. ඇමෙරිකාව කෝටි 4800 ද කොහෙද දුන්න නේද? චීනේ වැඩ කොහොමත් බාල වදනේ.
මෙයා චීනයට ගිහින් කෝටි 260ක් ගන්න. එහෙත් පසුගිය දවස්වල මුගේ පුතාට මහරගමින් ගෙයක් අරන් දුන්නා කෝටි 29කට... ඊට අමතරව එකට දැන් ස්වීමින්ග් පූල් එකක් හදනවලු. එතකොට කෝටි කීයක්ද? ඊටත් පස්සේ නුවර එළියේ අලුත් පෙට්‍රල් ෂෙඩ් එක අර ගත්තලු.. එ්කට කෝටි 100... දැන් ඔය කියන ගාන හොරා කාලානේ... ඉතින් රට මෙහෙම තියෙනවා පුදුමයි.. ඉතින් දියුණු වේවිද රට? රටේ ධනය මේ දෙගොල්ලොම කුට්ටි, කුට්ටි කඩාගෙන කාලා ඉවරයි. මහින්ද හත් මුතු පරම්පරාවටම හරියන්න සන්හරේම ගොඩ දාගත්තා. ඉතින් රටේ කන්න සල්ලි කොහෙන්ද?
මගේ සුන්දර රට චීනාට උගස් වෙන හැටි..!!
රට ගිනි තියල මෙයා හිඟා කකා ඇවිදිනවා.
මේ වෙනුවෙන් අපි චීනෙට දෙන්නේ මොනවද ?
හෙළ කෝටියක් ලබුණත් නැතිවෙච්ච ජිවිත නැවත ලබාගන්න පුළුවන් ද ..?
ඩොලර් කෝටි කෝටියක් ලැබුණත් වැඩක් තියෙනවද විපතට පත් ජිවිත් අහිමි වූ පවුල් වලට
පරිත්‍යාගයක් ? නිකම් .. පිනට කියල කීවාට බලමුකෝ රිටන් එක උන් ගන්න විදිහ!