(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (15) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.
එම වාන් දොරටු විවෘත විමත් සමඟ කොත්මලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.
ඉහල කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් එම ජලාශයේ සෙසු දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ඉහළ කොත්මල ජලාශ වේල්ලට පහළින් ගග දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස විදුලි බලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් අද අලුයම සිට විවෘත කිරිම නිසා කැලණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
පවතින අධික වර්ෂාවත් සමගම හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ දුම්රිය හරහ් මාර්ගයට යාබදව ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මං තිරුවකට සිමා කර ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රෙද්ශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේද ගමනා ගමන කටයුතුද එක් මං තිරුකට සිමා කර තිබේ.
හැටන් වැලිඔය අග්‍රඔය ප්‍රදේශයේ පහත් බිම් රැසක් පවතින වර්ෂාවත් සමඟ යට වි ඇති අතර ල කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටම පැමිණ ඇති බව විදුලි බල මණ්ඩල කියයි.





2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි : මහජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්