(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්රීය ලංකාවට රැගෙන එමින් සිටි හ්‍රී ලාංකික විවාහක යුවළක් අද (9) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
කොළඹ , වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචි, 35 හැවිරිදි වියේ පසුවන මොවුන් දෙදෙනා විවාහක යුවළකි .
මොවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර සිට අද (9) පස්වරු 02.30 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් දෙදෙනා ඇද සිටි ඇඳුම් අතර මෙම ස්වර්ණාභරණ තොගය සඟවාගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසීය .
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපළ රාජකාරියේ නිරත රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් .
ප්‍රේම ජයන්ත , ඉදුනිල් උදය , ක්‍රිෂ්ණ පල්ලාවල සහ සුගන්ධි යන නිලධාරීහු සිදුකළහ.
මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ වෙලා තියෙන්නේ? ඒ මිනිස්සු හොරකම් කරලා නොවෙයිනේ ඔවුන්ගේ බිස්නස් කිරීම ගැන වෙනත් අයට ඇයි මේ තරම් රුදාවක්?
මෙය දේශපාලනයට සම්බන්ධ කෙනෙකුට අයිති වුනා නම් කිසි කරදරයක් නැතුව නිදහස් කරගන්න තිබුනා.
it is not a big amount thay are family srilanka asked dollers and gold, central bank in srilanka dont have money thay asked money and gold from abroad workers, no one now give credits or send money to srilanka.
බද්දක් නැතුව මෙරට ගෙන්ඩ පුලුවන් ප්‍රමානයක් තියනව එකට වෙඩිනම් බදු ගෙවල යන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ