IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘‘පක්ෂය බාරදෙන ඕනෑම අභියෝගයක් බාර ගන්න සූදානම්‘‘

පක්ෂය බාරදෙන ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් පක්ෂය තමන් වෙත පරවන වගකීම් ඉටු කිරීමට තමන් බැඳි සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පක්ෂය බාර දෙන ඕනෑම අභියෝගයකට තමන් සූදානම් බවත් එසේ වුවත් ඕනෑම දෙයක් කරන ක්‍රමවේදයක් තිබෙන බව ද හෙතෙම කීය.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා පක්ෂයේ අගමැති අපේක්ෂ ලෙස ඉදිරියට ඒමට සූදානම් දැයි බී.බී.සී. සිංහල පුවත් සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

       “නීත්‍යනුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නියම ආකාරයට විසුරුවලා, නියම ආකාරයට, ව්‍යවස්ථානුකූලව, යුක්තිගරුකව, නීතියට අනුව සිදුවන මැතිවරණවලට අපි බය නැහැ. හැබැයි එහෙම නොවන මැතිවරණවලට අපි බයයි.

මම ඉපදුන දවසේ ඕනෑම දේකට සූදානම්. රට තුළ, පක්ෂ තුළ, සංවිධාන තුළ ක්‍රමවේදයක් තිබෙනවා. කැලෑ නීතියට ඉඩ නැහැ. පක්ෂය දුන සෑම වගකීමක්ම මම ඉටු කරලා තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකය ලබපු දවසේ ඉඳලා අභියෝග බාරගෙන තිබෙනවා. ඕනෑම දෙයක් කරන ක්‍රමවේදයක් තිබෙනවා. අපි කිසිසේත් කැලෑ නීතිය අනුගමනය කරන්නේ නැහැ.

මෙතෙක් කල් සිදු වූ සෑම මැතිවරණයක් සඳහාම මම පක්ෂය වෙනුවෙන් මගේ දායකත්වය දුන්නා. එම වගකීම් ඉටු කළා. අභියෝග බාරගත්තා.

පක්ෂ නායකත්වය, කෘත්‍යාධිකාරි මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම දෙන ඕනෑම වගකීමක් සියලු දෙනාගේ ආශීර්වාද ඇතිව ඉටු කිරීමට මම බැඳිලා සිටිනවා” යනුවෙනි. 

055



අදහස් (6)

‘‘පක්ෂය බාරදෙන ඕනෑම අභියෝගයක් බාර ගන්න සූදානම්‘‘

Saman Tuesday, 13 November 2018 08:10 PM

ඔබතුමාගේ ළමයෙක් පෙන්වන්න.

:       0       0

Lanka Perera Wednesday, 14 November 2018 03:02 AM

දැන් තියෙන්නේ පක්ෂය තුළ ප්‍රක්ෂණයක් නෙවෙයි, පිටස්තර ප්‍රක්ෂණයක්...

:       0       0

ඇත්ත සත්‍යපාල Wednesday, 14 November 2018 03:08 AM

සජිත් කොච්චර උඩ පැන්නත් ඔබට ලැබෙන්නේ නෑ. රනිල් ඡන්දයකට නොයා මේ දඟලන්නෙත් ඔහුගේ මේ නොසිතු විරු බලයෙන් පහ කිරීම නිසා කලබල වෙලා. ඒ ඔහුගේ සහ බටහිර රටවල අරමුණ වන බටහිර ගැති රනිල් බිරිඳ... මෛත්‍රී වික්‍රමසිංහ අතට බලය ලැබෙන සැලසුම අවුල් වූ නිසා. බටහිරට අවශ්‍යයි කළු සුද්දෙක් ඉදිරියටත් රටේ නායකත්වය ගන්නට හැකි මග තනන්නට. පුළුල් පෙරමුණක් ගොඩ නගන මුවාවෙන් දැන් නියත ලෙසම මෛත්‍රී වික්‍රමසිංහ ඉදිරියට ගනු නියතයි.

:       0       0

ranga Wednesday, 14 November 2018 03:17 AM

ඇඬුවට කඳුළු නැ බ්‍රෝ... මොකද උඹලා එතරමට නායකත්වය ලබාගන්න අඩලා තියෙන්නේ... 2030දී තමා හම්බවෙන්නේ...

:       0       0

mahroof Wednesday, 14 November 2018 08:00 AM

අනාගත එජාප නායකයට අපේ සුබපැතුම්!!!!!!!!!!!!!!

:       0       2

H. perera Wednesday, 14 November 2018 08:24 AM

අපි ඔබ සමගයි. රනිල්ට කරගන්න දෙයක් නැති හින්දා මේ වෙලාවේ ඔබට අගමැති අපේක්ෂකත්වය දෙයි. එහෙත් ඔබ අගමැති වුනොත් ඔබට වැඩක් කරගන්න දෙයිද කියලා සැකයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site